Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට මව්බිමේදී තරග 12 ක්
කාන්තා එක්දින ලෝක ශූරතාවලිය

ශ්‍රී ලංකාවට මව්බිමේදී තරග 12 ක්

editorial - 2024 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් 2025-2029 කාල වකවානුව සඳහා එළිදක්වන ලද කාන්තා එක්දින ශූරතාවලියේ තරගාවලි සැකැස්මට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙරටදී තරගාවලි 4 කටද, විදෙස් රටවලදී තරගාවලි 4 කටද සහභාගි වීමට සිදුවනු ඇත. 

එම තරගාවලි සැකැස්මට අනුව එංගලන්තයට, ඕස්ටේ්‍රලියාවට, පාකිස්තානයට සහ අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව මෙරටදී තරග වැදීමට නියමිත අතර ඊට අමතරව නවසීලන්තයේ, බංග්ලාදේශයේ, සිම්බාබ්වේහි සහ බටහිර ඉන්දීය කොදෙව්හි සංචාරය කිරීමටද නියමිතය. 

තවද 2028 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සඳහා සූදානම් වීම සඳහා ශ්‍රී ලංකාව, මෙරටදී තුන් කොන් තරගාවලියකටද සහභාගි වනු ඇත. කෙසේ වුවත් මෙම එක්දින ශූරතාවලිය තුළ ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමග තරග වැදීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. 

මෙම ශූරතාවලියට ඇතුළත්ව සිටින රටවල් 11 ටම 2025-2029 කාල වකවානුව තුළ රටවල් 4 කට එරෙහිව සිය රටතුළදීද, තවත් රටවල් 4 කට එරෙහිව විදෙස් රටවලදීද තරග වැදීමට සිදුවන අතර සෙසු රටවල් 2 ට එරෙහිව තරග වැදීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

මින් පෙර 2022-2025 කාල වකවානුව තුළ පැවැති කාන්තා එක්දින ශූරතාවලියට සහභාගි කර ගැනුණේ රටවල් 10 ක් පමණක් වුවද, 2025-2029 කාන්තා එක්දින ශූරතාවලිය සඳහා රටවල් 11 ක් සහභාගි කර ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව සිම්බාව්වේ කණ්ඩායම මෙවර තරගාවලියට එක්වනු ඇත. 

මෙම 2022-2025 කාන්තා එක්දින ශූරතාවලියේදී තරග 3 බැගින් වූ තරගාවලි 44 ක් තුළ එක්දින ජාත්‍යන්තර තරග 132 ක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව කටයුතු යොදා තිබේ. 

එමෙන්ම සෑම වසරකදීම ලෝක මට්ටමේ කාන්තා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමටද අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇති අතර 2025 එක්දින ලෝක කුසලාන, 2026 විස්සයි-20 ලෝක කුසලාන, 2027 ශූරියන්ගේ කුසලාන සහ 2028 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි ඊට ඇතුළත් වේ. 

2025 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ඉන්දීයාවේදී පැවැත්වෙන අතර එංගලන්තයේදී පැවැත්වීමට නියමිත 2026 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන දිනයන් තවත් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත. 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව පළමු වරට සංවිධානය කිරීමට සූදානමින් සිටින 2027 ශූරියන්ගේ කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් සහභාගි කර ගැනීමට නියමිතය. කෙසේ වුවත් එම තරගාවලිය මෙන්ම 2028 කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද පැවැත්වෙන රටවල් සහ දින වකවානු තවමත් තීරණය කර නොමැත. 


අදහස් (0)

ශ්‍රී ලංකාවට මව්බිමේදී තරග 12 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.