Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහි පැවැත්වෙන තේරීම් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද (19 වැනිදා) බුලවායෝහිදී පැවැති තරගයෙන් ලකුණු 175 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය අරාබි එමීර් කණ්ඩායමට ඕවර 39 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග නිලකුණු ඕවරයක්ද සමග ඕවර 8 ක් යවා ලකුණු 24 කට කඩුලු 6 ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.
ලකුණු 119 කට කඩුලු 5 ක් බිඳවැටීමෙන් අඩ පණ වී තීබූ එක්සත් අරාබි එමීර් ඉනිමට ජවයක් එක් කිරීමට රමීස් ශේෂාඩ් (26) සහ අලී නසීර් (34) සමත් වූයේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනගමිනි. එහෙත් මහීෂ් තීක්ෂණ සමග එක්වූ වනිඳු, එක්සත් අරාබි එමීර් ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 13 ක් ඇතුළත බිඳ දමමින් සිය කණ්ඩායමට දැවැන්ත ජයක් අත්කර දුන්නේය.
පිට පිටම තෙවැනි වරටත් පළමු කඩුල්ල සඳහා ලකුණු 80 කට වැඩි සම්බන්ධතාවක් ගොඩනැගූ පැතුම් නිස්සංක (57) සහ දිමුත් කරුණාරත්න (52) මෙම තරගයේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පන්දු 102 කදී ලකුණු 95 ක් රැස්කරමිනි. පන්දු 76 කදී වාර්තා වූ පැතුම්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින්ද, පන්දු 54 කදී වාර්තා වූ දිමුත්ගේ අර්ධ ශතකටය හතරේ පහර 7 කින්ද සමන්විත විය.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑම්වලින් පසුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් පන්දු 63 කදී හතරේ පහර 10 ක් සමග ලකුණු 78 ක්ද, සධීර සමරවික්‍රම පන්දු 64 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු 73 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල තත්වයකට රැගෙන ආහ. ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 105 කි.
ඉනිමේ අවසන් ඕවර කිහිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක (නොදැවී 48) සහ වනිඳු හසරංග (නොදැවී 23) හත්වැනි කඩුල්ල සඳහා පන්දු 22 කදී ලකුණු 58 ක් එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහිදී පන්දු 23 කට මුහුණදුන් අසලංක හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.