Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයේ (පාසිකුඩා) සිට බස්නාහිර වෙරළ තීරය (මීගමුව) දක්වා කිලෝ මීටර් 350.9 ක දුරකින් සමන්විත ගමන් මාර්ගයක් ඔස්සේ පැවැත්වෙන ‘ටී-කප්’ රේසිං පාපැදි සවාරියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක නම් කර තිබේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලන සභාපතිවරයාගේ කණ්ඩායම ලෙස එම කණ්ඩයම් දෙක නම් කර තිබේ.
මෙම කණ්ඩායම් තෝරා ගැනීමේදී තැනිතලා මාර්ගයන්හි වේගයෙන් සිය පාපැදි මෙහෙයවීමට සමත් ක්‍රීඩකයන් මෙන්ම කඳු තරණයට දස්කම් පෙන්වන ක්‍රීඩයෝත් ඇතුළත් කරමින් කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයෙන් පවත්වාගෙන යාමට කමිටුව උත්සාහ කළ බව කමිටු සාමාජිකයෙක් පැවසීය.
කණ්ඩායමකට ක්‍රීඩකයෝ පස්දෙනා බැගින් ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකට ක්‍රීඩකයන් තෝරා ගන්නා ලද්දේ ශ්‍රේණිගත කිරීම් අනුවය. 2016 වසරේ ඉන්දියාවේදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් ජීවන් ජයසිංහ (රන්), නවීන් රුචිර (රිදී) සහ ඬේන් නුගේරා (ලෝකඩ) යන ක්‍රීඩකයන් මෙවර ‘ටී-කප්’ රේසිං පාපැදි සවාරියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකෙන් එකක හෝ ස්ථානයක් හිමිවී නැත.
බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව), සංජු දීමන්ත (ගුවන් හමුදාව), චාමික සඳුන් කුමාර (ලීමර් ප්‍රෝ ක්‍රීඩා සමාජය), දර්ශන ප්‍රනාන්දු (නාවික හමුදාව), විරාන් රමේෂ් (වරාය අධිකාරිය) සහ ප්‍රභාත් මධුෂංක - අතිරේක (නාවික හමුදාව) යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරති. ටියුඩර් විජේසූරිය මහතා පුහුණුකරු ලෙසත් රුවන් කුමාර මහතා කළමණාකරු ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති.
ජානක කුමාර (නාවික හමුදාව), මධුෂංක ප්‍රනාන්දු (ගුවන් හමුදාව), ප්‍රියන්ත විජේසිංහ (දෙහිවල ගල්කිස්ස නරග සභාව), අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව), සුදීර නිලංග (පොලිසිය) සහ සම්පත් වීරසිංහ - අතිරේක (යුද හමුදාව) යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා පාපැදි සභාපතිවරයාගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති. බී.ජේ. සුමනසේකර මහතා කළමණාකරු ලෙසත් සුපුන් විරාජ් මහතා පුහුණුකරු ලෙසත් කණ්ඩායමට සහාය දක්වති.
අදියර තුනකින් සමන්විත වන මෙම පාපැදි සවාරියේ පළමු අදියර මැයි මස 4 වැනිදා පෙරවරු 9.05 ට ආරම්භ වෙයි. එහිදී තරගකරුවන්ට පාසිකුඩා සිට වැලිකන්ද, දිඹුලාගල, පල්ලේගම, දෙහිඅත්තකණ්ඩිය සහ ගිරාදුරුකොට්ටේ හරහා මහියංගනයට පැමිණීමට සිදුවේ. පළමු අදියරේ මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 132 කි.
දෙවැනි අදියර මැයි මස 5 වැනිදා පෙරවරු 9.05 ට මහියංගනයෙන් ආරම්භ වන අතර එහිදී තරගකරුවන් හසලක, උඩුදුම්බර, හුන්නස්ගිරිය, දිගන සහ තැන්නේතුඹුර හරහා මහනුවර දක්වා කිලෝ මීටර් 90.9 ක දුරක් ගමන් කළ යුතුය.
මැයි මස 6 වැනිදා පෙරවරු 9.05 ට මහනුවරින් ආරම්භ වන තෙවැනි අදියරේදී තරගකරුවන්ට කිලෝ මීටර් 128 ක දුරක් ගමන් කිරීමට සිදුවන අතර කටුගස්තොට, ගලගෙදර, මාවතගම, කුරුණෑගල, නාරම්මල, ගිරිඋල්ල, පන්නල සහ දංකොටුව හරහා මීගමුවට පැමිණිමෙන් එම අදියර නිමාවට පත් වේ.
ලංකා ස්පෝට්රයිසන් ප්‍රවාහන නියෝජිත ආයතනය දෙවැනි වරට සංවිධානය කරන මෙම පාපැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 10 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 12 ක් සහභාගි වේ. ජපානය සහ මැලේසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 බැගින් තරගායවලියට එක්ව සිටින අතර ඕස්ටේ්‍රලියාව, ප්‍රංශය, කසකස්තානය, කොරියාව, ලාඕසය, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලින් සෙසු කණ්ඩායම් එක්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.