Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ 6 වැනි අදියර සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම ඉකුත්දා එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අධීක්ෂණය යටතේ පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙකුගේ සේවය ලබාගැනීමට කණ්ඩායම් 4 ක හිමිකරුවෝ පියවර ගත්හ.
ඒ අනුව මෙවර තරගාවලියේදී තිසර පෙරේරා සහ අසේල ගුණරත්න කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමටද, ඉසුරු උදාන සහ සීක්කුගේ ප්‍රසන්න රාජෂාහී කිංග්ස් කණ්ඩායමටද, ලසිත් මාලිංග ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමටද, දසුන් ශානක චිතගොංග් වයිකිංග්ස් කණ්ඩායමටද ක්‍රීඩා කිරීමට නියමිතය.
මෙම තරගාවලිය ඔක්තෝබර් 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් එම කාල වකවානුව තුළම එරට මැතිවරණය පැවැත්වීම කටයුතු යොදා තිබීම නිසා තරගාවලිය ලබන වසරේ (2019) ජනවාරි මස 5 වැනිදා සිට පෙබරවාරි මස 8 වැනිදා දක්වා පැවැත්වීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.
ඉකුත් වසර වලදී මෙන්ම මෙවර තරගාවලියේදීද චිතගොංග් වයිකින්ස්, කොමිලා වික්ටෝරියන්ස්, ඩකා ඩයිනමයිට්ස්, කුල්නා ටයිටන්ස්, රාජෂාහී කිංග්ස්, රාංග්පූර් රයිඩර්ස් සහ ශිලාත් ශික්සර් යන කණ්ඩායම් 7 තරගාවලියට එක්ව සිටිති. එහිදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන දෙවැනි වසරටත් කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
මුෂ්ෆිකුර් රහීම් විසින් තගොංග් වයිකින්ස් පිලද, ටමීම් ඉක්බාල් විසින් කොමිලා වික්ටෝරියන්ස් පිලද, සකීබ් අල් හසන් විසින් ඩකා ඩයිනමයිට්ස් පිලද, මහමදුල්ලා රියාද් විසින් කුල්නා ටයිටන්ස් පිලද, මෂ්රෆී මොටාසා විසින් රාංග්පූර් රයිඩර්ස් පිලද, ඬේවිඞ් වෝනර් විසින් ශිලාත් ශික්සර් පිලද මෙහෙයවනු ලබති. රාජෂාහී කිංග්ස් කණ්ඩායමේ නායකයා කවුදැයි යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අමතරව විදෙස් ක්‍රීඩකයන් රැසක්ද මෙවර තරගවලියට එක්ව සිටින අතර රවී බොපාරා සහ රිලී රූසොව් (රාංග්පූර් රයිඩර්ස්), එවින් ලුවිස් සහ සහිඞ් අෆ්රිඩි (කොමිලා වික්ටෝරියන්ස්), රයන් ටෙන්ඩස්කාට් (රාජෂාහී කිංග්ස්), ඉයන් බෙල් (ඩකා ඩයිනමයිට්ස්) යන ක්‍රීඩකයෝ ඒ අතර ප්‍රධාන තැනක් ගනිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.