Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තහනම වාහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. තහනම පැනවූ දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
අන්තර් ජාතික ක්‍රිකට් සභාව එම නිවේදනය නිකුත් කිරීමට පැය භායගයකට පමණ පෙර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව කියා සිටියේය. තහනම ඉවත් කිරීම පිළිබඳ අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඉතා ඉක්මනින් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම් සහ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මෙන්ම එහි පරිපාලනයට රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව සැලකිල්ලට ගනිමින් ඉකුත් වසරේ නොවැම්බර් මස 10 වැනිදා අන්තර් ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකාවට එරෙහිව මෙම තහනම පැනවීය.
පසුව එම තහනමට අදාල කොන්දේසි පිළිබඳව දැනුවත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව කියා සිටියේ මෙම තහනම පැවතියද, ශ්‍රී ලංකාවට අනත්ර් ජාතික තරග සඳහා සහභාගි වීමට කිසිදු අවහිරයක් නොමැති බවය. එහෙත් තහනම පවතින තෙක් අන්තර් ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර තාවකාලිකව නතර කරන බවද එම සභාව දැනුම් දී තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.