Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමට එම සම්මේලනය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ආසියානු රග්බි සම්මේලනයේ සාමාජිකයකු ලෙස ඡන්දය භාවිතා කිරීමට මෙන්ම ශ්‍රී ලංකා ධජය යටතේ එම සම්මේලනය සංවිධානය කරන තරග වැදීමටද අවස්ථාව උදාවනු ඇත.
2022 වසරේ අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් පත්‍රය සැලකිල්ලට ගනිමින් ආසියානු රග්බි සම්මේලනය, ශ්‍රී ලංකාවට එරෙහිව එම වසරේ අප්‍රේල් මස 12 වැනි තාවකාලික තනමක් පැනවූ අතර මැයි මස 1 වැනිදා ශ්‍රී ලංකාව ආසියානු සම්මේලනයේ සාමාජිකත්වයෙන්ද ඉවත් කළේය.
එම තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවට 2022 වසරේ පැවැති ආසියානු රග්බි ශූරතාවලිය යටතේ තායිලන්තයේදී පැවැති පළමු අදියරට සහභාගි වීමට නොහැකි වූ අතර කොරියාවේදී පැවැති දෙවැනි අදියරේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තෙවැනි අදියරේදී ශ්‍රී ලංකාවට ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වැදීමට සිදු විය.
කෙසේ වුවත් රග්බි සංගමය තහනම් කරමින් හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගැනීමත් සමග ආසියානු රග්බි සම්මේලනයද ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කරගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය ලබාදීමට කටයුතු කළේය.
තහනම ඉවත් කිරීමට සම්බන්ධයෙන් ලිපියක් මගින් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමටද ආසියානු රග්බි සම්මේලනය පියවර ගත්තේය. ශ්‍රී ලංකාවට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කළ බවත්, ශ්‍රී ලංකාව සිය සම්මේලනයේ පූර්ණ සාමාජිකයකු ලෙස පිළිගන්නා බවත් ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් ධලායි මහතාගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ සඳහන් වේ.
“ශ්‍රී ලංකා රග්බි සංගමයේ සාමාජිකත්වය අත්හිටුවීමට ආසියානු රග්බි සම්මේලනයේ විධායක කමිටුව විසින් ගනු ලැබූ තීරණය අප සම්මේලනයේ නීති රෙගුලාසිවලට අනුකූලව සමානාත්මතාවය, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම පවත්වාගෙන යෑම සඳහා ගනු ලැබූවකි. ගැසට් ප්‍රතිය අවලංගු කිරීම පිළිබඳව සතුටට පත්වන අතර එය ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තහනම ඉවත් කිරීමට ඉවහල් වූ බවද කිව යුතුය.” යැයිද ආසියානු රග්බි සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය.
එහිදී අවසාන වශයෙන් සභාපතිවරයා කියා සිටියේ ඉදිරියේදී යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම් ආසියානු තරග බිමේ තරග වදින ආකාරය නැරඹීම සඳහා තමා මහත් කැමැත්කින් යුතුව බලා සිටින බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව දියුුණු කිරීම සඳහා ආසියානු රග්බි සම්මෙලනයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමා බලාපොරොත්තුවෙන් පසුවන බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.