Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වැස්සට සේදෙයි
වි-20 ලෝක කුසලාන 2024

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වැස්සට සේදෙයි

editorial - 2024 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේ සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ඊයේ (11 වැනිදා) ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමෙන් තොරවම අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.

සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව මෙම තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබූ අතර එය වැස්සට සේදී යෑමත් සමග සුපිරි 8 දෙනා‍ගේ වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් ගිළිහී ගියේය. කෙසේ වුවත් බංග්‍ලාදේශ - නෙදර්ලන්ත තරගය අවසන් වන තෙක් ශ්‍රී ලංකාව නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් වූ බව නිවේදනය කළ නොහැක.

යම් හෙයකින් ‍අද (13 වැනිදා) ශාන්ත වින්ස්ටන්හිදී පැවැත්වෙන බංග්‍ලාදේශ - නෙදර්ලන්ත තරගයද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුව‍ හොත් ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනා‍ගේ වටයට පිවිසීම සඳහා තවත් සියුම් අවස්ථාවක් තිබීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකිය. එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවාගනිමින් නෙදර්ලන්තය පරාජය කළ යුතු වන අතර බංග්ලාදේශය නේපාලය හමුවේ අන්ත පරාජයක් ලැබිය යුතුය.

කෙසේ වුවත් කාලගුණ වාර්තා වලට අනුව ශාන්ත වින්ස්ටන් දූපතට මෙම සතිය පුරා හොඳින් ඉර පායා ඇති බව සටහන් වන බැවින් බංග්‍ලාදේශ - නෙදර්ලන්ත තරගයට වැස්සෙන් බාධා එල්ල වීමට ඇත්තේ 1% ක පමණ සම්භාවිතාවකි. එබැවින් නිල වශයෙන් කිව නොහැකි වුවද, මේ වන විටත් ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවී ඇති බව සඳහන් කළ හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර එළෙබන 16 වැනිදා ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තරගය හුදෙක් ප්‍රදර්ශන තරගයක ස්වරූපයක් ගනු ඇත. එහිදී නෙදර්ලන්තය පරාජයට කිරීමට ශ්‍රී ලංකාව සමත් වුහොත් එය හුදෙක් සැනසුම් සහගත ජයක් පමණක් වනු ඇත. යම් හෙයකින් එම තරගයද ශ්‍රී ලංකාව පරාජය වුවහොත් විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අසාර්ථකම තරගාවලිය මෙය බවට පත්වනු ඇත.

මෙම තරගය වැස්සට සේදී යෑමත් සමග නිල වශයෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකාව සමත් විය. මේ දක්වා තරග 3 කට සහභාගි වී සිටින දකුණු අප්‍රිකානුවෝ, එම තරග 3 ම ජය ගනිමින් අපරාජිත බව රැකගෙන සිටිති. ඔවුන්ට මූලික වටයේදී ඉතිරිව ඇත්තේද නේපාලයට එරෙහිව ඇති තරගය පමණි. 


අදහස් (1)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු වැස්සට සේදෙයි
  • kotiya Wednesday, 12 June 2024 09:27 PM

    හම්මේ.. ඇති යාන්තන්. තව පොඩ්ඩෙන් නේපාලෙනුත් කන ලයින් එකක් තිබ්බේ. වැහි දෙයියනේ පිහිට වෙලා නෙදර්ලන්ත මැච් එකටත් මොනවා හරි කරලා දෙන්න...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.