Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීම සඳහා ලකුණු 455 ක ඉලක්කයක් කරා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (31 වැනිදා) පෙරවරුවේදීත් කඩුලු දෙකක් අහිමිකර ගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහායට ඉදිරිපත් වූ වැස්ස වළාහක දෙවියෝ දිවා ආහාරයෙන් පසුව තරගය නතර කර දැමූහ. පෙරවරු 11.45 ට ඇද හැළුණු වර්ෂාව මඳ වේලාවකින් නතර වූ නමුත් ඉන් පසුවද දෙවතාවක්ම පැමිණි හෙයින් අද දිවා ආහාරයෙන් පසුව තරගය ආරම්භ කළ නොහැකි විය.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය. කණ්ඩායමේ සායම බේරාගැනීම සඳහා අභියෝගාත්මක ගමනක නිරතව සිටින දිනේෂ් චන්දිමාල් (නොදැවී 63) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 10) කඩුල්ලේ රැඳී සිටිති.
තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබෙන නමුත් හෙට දිනයේත් වර්ෂාව පැවතිය හැකි බව කාලගුණ අනාවැකි වලින් කියැවේ.
සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 654 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ, තරගයේ දෙවැනි දිනය අවසන් වීමටත් මත්තෙන් කඩුලු 3 ක් ද දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අලි අමාරුවක හෙළුෑහ. අද උදෑසන ඉතා පැහැබර ආලෝකයක් දක්නට තිබුණ නමුත් මධ්‍යහ්නය ආසන්න වෙත්ම ගොඩබිම දෙසින් පැමිණි වළාව බර වැස්සක් වී ක්‍රීඩාංගණයට කඩා හැළිණ.
මේ වන විට කඩුලු 5 ක් අහිමිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 518 ක් පසුපසින් සිටින අතර පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 319 ක් ලබාගත යුතුව තිබේ.
අද උදෑසන තරගය ආරම්භ කිරීමෙන් පසුව කමිඳු මෙන්ඩිස් සුභවාදී ආකාරයෙන් පිත්ත හැසිරවූයේ තරගය බේරා ගැනීමට නම් තට්ටු ඇල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන බැවිනි. එහෙත් මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට ‘ග්ලාන්ස්’ පහරක් ගැසීමට ගත් උත්සාහයේදී කමිඳුගේ පිත්තේ වැදී ගිය උඩපන්දුව ඇලෙක්ස් කේරිගේ අත් ආවරණ අතර සැඟවිණ.
ධනංජය ද සිල්වාට එක්වූ දිනේෂ් චන්දිමාල් විනාඩි 50 ක් තිස්සේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් අනපේක්‍ෂිත මොහොතකදී ධනංජයව ස්ටම්ප් කිරීමකට හසුකරගැනීමට මැතිව් කුනේමන්ට හැකිවිය.
වමතින් දඟ පන්දු යවන මැතිව් කුනේමන්, වසර දෙකකට ආසන්න කාලයකදී ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණි. එහෙත් මෙවර ශ්‍රී ලංකා සංචාරය සඳහා කුනේමන් තෝරාගත්තේ ශ්‍රී ලංකාවේ පවතින දඟකැවෙන සුළු, මන්දගාමී තණතීරු හේතුවෙනි.
එහෙත් මෙම තරගය පැවැත්වෙන ගාල්ල තණතීරුව එතරම්ම මන්දගාමී නොවන අතර පන්දුවේ හොඳ ඉපිළීමක් ද පෙන්නුම් කරයි. එවන් තත්ත්වයන් මැතිව් කුනේමන්ට මෙන්ම නේතන් ලයන්ටත් පන්දු යැවීමට ආරාධනා කිරීමකි.
ඕවර 8 ක් යැවූ මිචෙල් ස්ටාක්ගෙන් ලැබුණු කඩුලු දෙක ඕස්ට්‍රේලියානුවන්ට පාරිතෝෂිකයක් මෙන් විය. කඩුලු දවාගත්තත් නැතත්, ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය වන්නේ නේතන් ලයන් සහ මැතිව් කුනේමන් දෙදෙනා පන්දුව පතිත කරන ඉසව්වේ ස්ටාක්ගේ පා සටහන් තැබීමයි.
ඊයේ සවස ඇන්ජලෝ මැතිව් දැවීගියේ ලයන්ගේ පන්දුවක් ස්ටාක්ගේ පා සටහන් මත පතිත වී තියුණු ලෙසින් දඟ කැවීමෙනි. දඟ කැවුණු පන්දුව මැතිව්ස්ගේ පිත්තේ සහ පා ආවරණයේ වැදී ‘බැක්වර්ඩ් ෂෝට් ලෙග්’ කලාපයට ඇදී යද්දී ‘ෆෝවර්ඩ් ෂෝට් ලෙග්’ හි සිටි ට්‍රැවිස් හෙඩ් ඉස්සෙකු මෙන් දකුණට පනිමින් උඩපන්දුව ඩැහැගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.