Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශා. ජෝශප් - ජනාධිපති බාලිකාවෝ ශූරතා දිනති

ශා. ජෝශප් - ජනාධිපති බාලිකාවෝ ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
කොළඹ ශා. ජෝශප් විදුහල සහ නාවල ජනාධිපති බාලිකා විදුහල අද (10 වැනිදා) අවසන් වූ 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ බාලක සහ බාලිකා සමස්ත ශූරතා දිනාගත්හ. 
 
මෙම තරගාවලිය දින 3ක් තිස්සේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. 
 

බලපිටිය සිද්ධාර්ථ මැදි මහ විදුහලේ මෙන්ඩිස් අබේසේකරද දක්ෂතම ක්‍රීඩකයා ලෙසද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මැදි මහ විදුහලේ සදිනි කවීෂාද සම්මාන ලබාගත් අවස්ථාව...

නව තරග වාර්තා 21ක් සහ වාර්තා සමකිරීම් 2ක් වාර්තා වූ මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මැදි මහ විදුහලේ මෙන්ඩිස් අබේසේකරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මැදි මහ විදුහලේ සදිනි කවීෂාද සම්මාන ලැබූහ. 

 
වයස අවුරුදු 15න් පහළ බාලක දුරපැනීමේ ඉසව්ව මීටර 6.52 කින් නිමකිරීම සහ එම වයස් සීමාවේ බාලිකා දුර පැනීමේ ඉසව්ව මීටර 5.47 කින් නිමකිරීම පදනම් කරගෙන මෙන්ඩිස් සහ සදිනි  සම්මාන දිනාගත්හ. 
 
ශ්‍රී ලංකා පාසල් මලලක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී. 
 
නව තරග වාර්තා (අවසන් දිනය)
 
■    වයස අවු 15න් පහළ බාලක මීටර 100 එච්.එස්. මල්වැන්න (ගාල්ල මහින්ද විදුහල) 
දක්ෂතාව තත්: 11.1, පැරැණි වාර්තාව තත්: 11.3 
 
■    වයස අවු 15න් පහළ බාලක මීටර 400 එල්.කේ.ඩී. අබේවර්ධන (ගොඩගම ආනන්ද ශාස්ත්‍රාල ජාතික පාසල) දක්ෂතාව තත්: 51.1, පැරැණි වාර්තාව තත්: 52.29 
 
■    වයස අවු 15න් පහළ බාලක දුරපැනීම ඩබ්.එච්.එච්. මෙන්ඩිස් අබේසේකර  (බලපිටිය සිද්ධාර්ථ ම.ම.වි.) දක්ෂතාව මීටර 6.52, පැරැණි වාර්තාව මීටර 6.34 
 
■    වයස අවු 15න් පහළ බාලක මීටර 4x100 - කොළඹ ශා. ජෝශප් විදුහල 
දක්ෂතාව තත්: 46.3, පැරැණි වාර්තාව තත්: 46.56 
 
■    වයස අවු 14න් පහළ බාලක මීටර 400 ඩී.ඒ.ආර්.එස්. ජයසුන්දර (කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි.) 
දක්ෂතාව තත්: 55.1, පැරැණි වාර්තාව තත්: 55.4 
 
■    වයස අවු 14න් පහළ බාලක උසපැනීම උදිල් විත්සරිත් (පන්නිපිටිය ධර්මපාල විදුහල) 
දක්ෂතාව මීටර 1.75, පැරැණි වාර්තාව මීටර 1.74 
 
■    වයස අවු 14න් පහළ බාලක මීටර 4x100 - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.වි. -  
දක්ෂතාව තත්: 47.6, පැරැණි වාර්තාව තත්: 48.7 
 
■    වයස අවු 12න් පහළ බාලක මීටර 4x100 - කඑතර සිරිකුරුස විදුහල 
දක්ෂතාව තත්: 55.1, පැරැණි වාර්තාව තත්: 55.2 
 
■    වයස අවු 13න් පහළ බාලිකා මීටර 100 - රුවන්සා වීරක්කොඩි (නාවල ජනාධිපති බාලිකා විදුහල)
දක්ෂතාව තත්: 13.00, පැරැණි වාර්තාව තත්: 13.2 
 
 
ශූරතා කුසලාන
 
වයස අවු 12න් පහළ බාලිකා ශූරතාව - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය 
අනුශූරතාව - කොළඹ සිරිමාවෝ බාලිකා විදුහල  
 
වයස අවු 12න් පහළ බාලක ශූරතාව - කොළඹ රාජකීය විදුහල 
අනුශූරතාව - කොළඹ ඩී.එස්. සේනානායක විදුහල  
 
වයස අවු 13න් පහළ බාලිකා ශූරතාව - නාවල ජනාධිපති බාලිකා විදුහල 
අනුශූරතාව - දික්වැල්ල මැදි මහ විදුහල   
 
වයස අවු 13න් පහළ බාලක ශූරතාව - වාරියපොළ ශ්‍රී ඥානෝදය විදුහල 
අනුශූරතාව - මාපුටුගල මහ විදුහල   
 
වයස අවු 14න් පහළ බාලිකා ශූරතාව - කොළඹ ආනන්ද බාලිකා විදුහල 
අනුශූරතාව - කෑගල්ල ශා. ජෝශප් බාලිකා විදුහල   
 
වයස අවු 14න් පහළ බාලක ශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල,  අනුශූරතාව - කොළඹ ශා. ජෝශප් විදුහල   
 
වයස අවු 15න් පහළ බාලිකා ශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල 
අනුශූරතාව - නාවල ජනාධිපති බාලිකා විදුහල   
 
වයස අවු 15න් පහළ බාලක ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල 
අනුශූරතාව - පේදුරුතුඩුව හාට්ලි විදුහල  
 
සහය දිවීමේ බාලිකා ශූරතාව - හලාවත කර්මෙල් බාලිකා විදුහල 
අනුශූරතාව - කොළඹ ශා. බි්‍රජට් කන්‍යාරාමය    
 
සහය දිවීමේ බාලක ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල
අනුශූරතාව - කොටහේන ශා. බෙනඩික්ට් විදුහල     
 
දක්ෂතම මීටර 400 ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කේ. එස්. එදිරිසිංහ (නාවල ජනාධිපති බාලිකා විදුහල) 
දක්ෂතාව තත්: 59.1
 
දක්ෂතම දුරපැනීමේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව එස්.එච්. සදිනි කවීෂා (දික්වැල්ල විජිත ම.ම.වි.) 
දක්ෂතාව මීටර 5.47
 
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව එස්.එච්. සදිනි කවීෂා (දික්වැල්ල විජිත ම.ම.වි.) 
දක්ෂතාව වයස අවු 15න් පහළ දුරපැනීම මීටර 5.47
 
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ඩබ්.එච්.එච්. මෙන්ඩිස් අබේසේකර සදිනි කවීෂා (බලපිටිය සිද්ධාර්ථ ම.ම.වි.) දක්ෂතාව වයස අවු 15න් පහළ දුරපැනීම මීටර 6.52
 
සමස්ත බාලිකා ශූරතාව නාවල ජනාධිපති බාලිකා විදුහල
අනුශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල 
 
සමස්ත බාලක ශූරතාව - කොළඹ ශා. ජෝශප් විදුහල 
අනුශූරතාව - මාතර රාහුල විදුහල 
 

සමස්ත බාලිකා ශූරතාව දිනූ නාවල ජනාධිපති බාලිකා විදුහල් කණ්ඩායම

සමස්ත බාලක ශූරතාව දිනූ කොළඹ ශා. ජෝශප් විදුහල් කණ්ඩායම 

 

 


අදහස් (0)

ශා. ජෝශප් - ජනාධිපති බාලිකාවෝ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.