Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශා. ජෝෂප් පරදමින් වෙස්ලි අ.අ. පූර්ව වටයට
අන්තර් පාසල් රග්බි

ශා. ජෝෂප් පරදමින් වෙස්ලි අ.අ. පූර්ව වටයට

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අන්තර් පාසල් රග්බි තරගාවලියේ මූලික වටය යටතේ අද (25 වැනිදා) පැවැති තරගයකදී මරදාන ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව ලකුණු 36-23 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. 

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-17 ක් ලෙස ශාන්ත ජෝෂප් විදුහල පෙරමුණ ගත්තේය. එහිදී ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද, වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින්ද ලකුණු ලබාගත්හ. 

කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ වෙස්ලි විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු මල්ලට තවත් ලකුණු 19 ක් එක්කර ගනිමින්, තරගයේ ජය තමන් සතුකර ගත්තේය. ශාන්ත ජෝෂප් විදුහලට උත්සාහක දිනුමක් මගින් දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. 

කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර හෙට (26 වැනිදා) පැවැත්වෙන මූලික වටයේ තරගය ජය ගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී වෙස්ලි විදුහලේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 4 වැනිදා පස්වරු 4.15 ට කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. 

(ඡායාරූප - කුෂාන් පතිරාජ) 


අදහස් (0)

ශා. ජෝෂප් පරදමින් වෙස්ලි අ.අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.