Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශා. පීතර - ඉසිපතන - රාජකීය - ත්‍රිත්ව සුපිරි 4 වටයට
පාසල් රග්බි

ශා. පීතර - ඉසිපතන - රාජකීය - ත්‍රිත්ව සුපිරි 4 වටයට

editorial - 2024 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විදුහල් සමත් විය. 

මෙම තරගාවලිය 1-ඒ සහ 2-ඒ ලෙස එක් කාණ්ඩයකට කණ්ඩායම් 8 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් 7 එරෙහිව තරග වැදිණ. මූලික වටය අවසානයේ 1-ඒ කාණ්ඩයෙන් ඉසිපතන විදුහල සහ ත්‍රිත්ව විදුහලත්, 2-ඒ කාණ්ඩයෙන් ශාන්ත පීතර විදුහල සහ රාජකීය විදුහලත් සුපිරි වටයට සුදුසුකම් ලබාගත්තේය. 

එහිදී ශාන්ත පීතර සහ ඉසිපතන විදුහල් ඔවුන් නියෝජනය කළ කාණ්ඩවල අපරාජිත කණ්ඩායම් ලෙස සුපිරි වටයට පිවිසි අතර රාජකීය විදුහල එක් තරගයක්ද, ත්‍රිත්ව විදුහල තරග 2 ක්ද මූලික වටයේදී පරාජයට පත් විය. 
මූලික වටයේදී සහභාගි වූ තරග 7 ම ප්‍රසාද ලකුණද සමග ජයගත් ශාන්ත පීතරයන් මේ වන විට මුළු ලකුණු 42 ක් ලබා සිටින අතර ජයගත් තරග 7 න් තරග 4 කදී පමණක් ප්‍රසාද ලකුණ හිමිකර ගත් ඉසිපතන ක්‍රීඩකයෝ මුළු ලකුණු  39 ක් ලබා සිටිති. 

තරග 6 ක් ජයගෙන එක් තරගයක් පරාජය වූ රාජයකීයයන් ප්‍රසාද ලකුණු 5 ක් සමග මුළු ලකුණු 35 ක් ලබා සිටින අතර තරග 5 ක් ජයගෙන තරග 2 ක් පරාජය වූ නමුත් එම තරග 7 දීම ප්‍රසාද ලකුණ හිමිකර ගත් ත්‍රිත්ව විදුහල ලබා සිටින මුළු ලකුණු සංඛ්‍යාව 32 කි. 

සුපිරි වටයේදී සෑම කණ්ඩායමක්ම තමන් මූලික වටයේදී තරග වැදුණ කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව තරග වදින අතර ඒ අනුව සුපිරි වටය තරග 4 කින් සමන්විත වේ. මෙම සති අන්තයේ සහ ලබන සති අන්තයේ එම තරග 4 පැවැත්වෙනු ඇත. 


අදහස් (0)

ශා. පීතර - ඉසිපතන - රාජකීය - ත්‍රිත්ව සුපිරි 4 වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.