Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 40වන වරටත් සංවිධානය කළ සහාය පිහිනුම් ශූරතාවලිය සුගතදාස පිහිනුම් තටාකයේදී අද (13) නිමාවට පත්වූයේ පසුගිය වසරේ මෙන්ම මෙවරද ශා. ජෝශප් කණ්ඩායම (ලකුණු 146) තම ආධිපත්‍යය පතුරුවාලමිනි. පසුගිය වසරේ ශූරියන් බවට පත්වූ විශාඛාවන් පරදා සිරිමාවෝ බාලිකාවන් (ලකුණු 154) මෙවර කාන්තා ශූරතාව දිනාගැනීමට සමත්විය.
නව තරග වාර්තා 7ක් සමඟ අවසන් වූ සහය පිහිනුම් ශූරතාවලියේ අවුරුදු 11න් පහළ කාන්තා මිටර 50ං4 මිශ්‍ර ආර තරග ඉසව්ව විනාඩි 2:27.97කින් අවසන් කළ ස්ටාර්ෆිෂ් ජල ක්‍රීඩා පුහුණු ආයතනය නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
වයස 13න් පහළ මීටර 50x4 මිශ්‍ර ආර තරග ඉසව්වෙන් නව තරග වාර්තාවක් (වි.2:25.32) තැබූ සිරිමාවෝ විදුහල් බාලිකා කණ්ඩායම එම වයස් කාණ්ඩයෙන්ම පැවැති නිදහස් ආර ඉසව්වෙන්ද නව වාර්තාවක් (2:10.92) පිහිටුවීය.
කරට කර ලකුණු ලබා ගනිමින් සිරිමාවෝ හා විශාකා බාලිකා කණ්ඩායම් අනෙත් කණ්ඩායම් වෙත විශාල අභියෝගයක් එල්ල කෙරිණි. ශා. ජෝශප් විද්‍යාලයට අභියෝගයක් වූයේ ආනන්ද විද්‍යාලය පමණි.
මීටර 50x4 15න් පහළ මිශ්‍ර ආර තරග ඉසව්වෙන් මෙන්ම, එම වයස් කාණ්ඩයෙන්ම නිදහස් ආර තරග ඉසව්වෙන්ද නව තරග වාර්තා දෙකක් පිහිටුවීමට ආනන්ද විද්‍යාලයට අද (13) හැකිවිය.
මෙවර තරගාවලියට කණ්ඩායම් 100කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි විය.
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සහභාගි විය.
සමස්ත බාලිකා ශූරතාව දිනාගත් සිරිමාවෝ විදුහල් කණ්ඩායම
සමස්ත බාලක ශූරතාව දිනාගත් ශා. ජෝශප් විදුහල් කණ්ඩායම
සහය පිහිනුම් ශූරතාවලියේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ළහිරු හර්ෂණ
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.