Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අද (7 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 23-20 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ශාන්ත පීතර විදුහල ලකුණු 13-08 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. එහිදී ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ශාන්ත පීතර විදුහල ලකුණු රැස්කළ අතර වෙස්ලි විදුහල ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී ශාන්ත පීතරයන් ලකුණු 10 ක් රැස්කරද්දී, වෙස්ලි විදුහල ලකුණු 12 ක් රැස්කිරීමට සමත් විය. එහෙත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව ශාන්ත පීතර විදුහලට තරගයේ ජය හිමිවිය. එහිදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද, වෙස්ලි විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය.
ඒ අනුව කොළඹ ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී හෙට (8 වැනිදා) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව ශාන්ත පීතර විදුහල එළබෙන 15 වැනිදා අවසන් මහ තරගයට පිවිසෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.