Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 102 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශාමල් දිසානායක සහ සංඛ අතුකෝරල අද (11 වැනිදා) සමත් වූහ.
රුස්තම් අලීට එරෙහිව පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/1, 6/0) ජයක් වාර්තා කරමින් ශාමල් දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. සංඛ අතුකෝරල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් (6/2, 7/6) ලෙස යසිත ද සිල්වා පරාජය කරමිනි.
ඒ අනුව ශාමල් දිසානායක සහ සංඛ අතුකෝරල අතර අවසන් මහ තරගය හෙට (12 වැනිදා) පෙරවරු 9.00 ට කොළඹ, ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී දුමිඳු දිලුම් පරාජය කරමින් ශාමල් දිසානායකද, මුෆාසල් හුසේන් පරාජය කරමින් රුස්තම් අලීද, විබුද විජේබණ්ඩාර පරාජය කරමින් සංඛ අතුකෝරලද, අවින්ද්‍ර පෙරේරා පරාජය කරමින් යසිත ද සිල්වාද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.