Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශාමල් තෙවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

ශාමල් තෙවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 103 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශාමල් දිසානායක අද (1 වැනිදා) සමත් විය. කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා පරාජය කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය.

දිනේෂ්කාන්තන් තංගරාජා

ශාමල් පිට පිටම ජාතික ටෙනිස් ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර ඔහු 2016 සහ 2017 යන වසර වලදීද එම ශූරතාවට හිමිකම් කියා තිබේ.

ඉතා තියුණු සටනකින් අනතුරුව ලකුණු 7/5 ක් ලෙස අවසන් තරගයේ පළමු වටය ජයගත් ශාමල්, දෙවැනි වටයේදී දිනේෂ්කාන්තන්ට එරෙහිව ලකුණු 6/1 ක පහසු ජයක් ලබමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.

හීරා ආෂික්ට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක (6/4, 6/2) ජයක් වාර්තා කරමින් ශාමල් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. දිනේෂ්කාන්තන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී වට 2-0 ක් ලෙස (6/2, 6/3) සංඛ අතුකෝරල පරාජය කරමිනි.


අවසන් මහ තරගය  
ශාමල් දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා පරාජය කරන ලදි. (7/5, 6/1)

අවසන් පූර්ව වටය
ශාමල් දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරන ලදි. (6/4, 6/2)
දිනේෂ්කාන්තන් තංගරාජා විසින් තරග වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරන ලදි. (6/2, 6/3)

 


අදහස් (0)

ශාමල් තෙවැනි වරටත් ජාතික ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.