Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 131 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලැබූ දෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට හැකි විය. මූලික වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි සහ අවසන් තරගය අනිද්දා (3 වැනිදා) බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව බුඩායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 243 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ ශාරුජන් ශන්මුගනාදන් පන්දු 132 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 102 ක් රැස්කළේය. ඉන් නොනැවතී කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස උඩ පන්දු 3 ක් රැකගනිමින්, ස්ටම්ප් කිරීමකටද දායක වූ ඔහු ජයග්‍රහණයේ නියමුවා බවටද පත්විය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දුල්නිත් සිගේරා ලකුණු නොලබා දැවී ගියද, පුලිඳු පෙරේරා (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශාරුජන් සමත් විය. පන්දු 80 කදී වාර්තා වූ පුළිඳුගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත විය. විමත් දින්සර පන්දු 30 කදී ලකුණු 26 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 244 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන යොවුන් කණ්ඩායමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 28.2 ක් නිමාවට පත්වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. එහිදී ප්‍රවීන් මනීෂ කඩුලු 3 ක් දවාගත් අතර විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රංජිත්කුමාර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 243
(පුලිඳු පෙරේරා 53, ශාරුජන් ශන්මුගනාදන් 102, විමත් දින්සර 26, ලක්වින් අබේසිංහ 16, කවිජ ගමගේ 14, ඒ.එම්. ඝන්සන්ෆර් 35/3)
ඇෆ්ඝනිස්ථාන යොවුන් පිල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 112
(ෆයිසාල් ශිනොසාදා 14, හම්සා ඛාන් 32, නසිෆුල්ලා අමිරි 33, ප්‍රවීන් මනීෂ 16/3, විහස් තෙව්මික 10/2, විරාන් චමුදිත 14/2, නිව්ටන් රංජිත්කුමාර් 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.