Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවරදී අද (3 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත ලකුණු 27 ක ජයක් ලබා ගැනීමට මග විවර කරදුන් ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ් පිට පිටම දෙවැනි වතාවටත් විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වා තම පිල කැඳවාගෙන ගියහ.
නිදහසේ ලකුණු රැස්කිරීමට රුචියක් දක්වන කොදෙව් පිතිකරුවන් කදිමට පාලනය කරගත් ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ රාතී‍්‍ර 9.40 ට පමණ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 13.5 කදී කොදෙව් ලකුණු පුවරුව කඩුලූ 4 ක් දැවී ලකුණු 80 ක් සේ නවතා ගත්හ. ඩක්වර්ත් ලූවිස් න්‍යාය අනුව ඒ වන විට ලකුණු සමවීමට නම් කොදෙව් පිල ලකුණු 107 ක් ලබා සිටිය යුතු විය.
බංග්ලාදේශයේ ඩකා නගර සීමාවට අයත් මිර්පූර්හි, ශ්රේ බංග්ලා ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී කොදෙව් පිතිකරුවෝ ලකුණු 161 ක ඉලක්කයක් කරා යමින් සිටියහ. තරගය නතර කරද්දී පිටියේ රැුඳුනු මාලන් සැමුවෙල්ස් ලකුණු 18 ක් ලබා සිටි අතර නායක ඩැරන් සැමී ලකුණු ලබාගෙන තිබුණේ නැත.
ලසිත් මාලිංග ඕවර දෙකක් යවමින් ලකුණු 05 කට කඩුලූ 2 ක් දවාගත් අතර සීකුගේ ප‍්‍රසන්න සිය පළමු පන්දුවේදීම ලෙන්ඞ්ල් සිමන්ස්ගේ ඉනිම ලකුණු 4 කට සීමා කළේය. නුවන් කුලසේකර පන්දු 17 ක් යවමින් ලකුණු 22 ක් දී කොදෙව් පිලේ භයානකම වි:20 පිතිකරුවා වන ඞ්වේන් බ‍්‍රාවෝ පිටියෙන් ඉවත් කර තිබිණ.
ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් අසාර්ථක වෙද්දී නොසැළී සිය කණ්ඩායම ඉදිරියට කැඳවාගෙන ගිය ළහිරු තිරිමාන්න (44) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 40) දෙදෙනාගේ පිතිහරඹය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේය.
තරගයේ 10 වැනි ඕවරය නිමා වන විට ලකුණු 65 ක් පමණක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලට තිරිමාන්න සහ මැතිව්ස් දෙදෙනාගේ පිතිහරඹයෙන් ලැබුණු තල්ලූව නිසා අවසන් ඕවර 10 දී ලකුණු 95 ක් ලබාගැනීමට හැකිවිය.
පන්දු 35 කට මුහුණ දුන් තිරිමාන්න හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 44 ක් ලබා දැවී ගියේ සන්ටොකීගේ පන්දුවක් බැක්වර්ඞ් පොයින්ට් කී‍්‍රඩකයාගේ හිසට ඉහළින් හතරේ සීමාවට යැවීමට උත්සාහ කිරීමෙනි. එහෙත් එම පහරින් පන්දුව උඩපන්දුවක් වී ලෙන්ඞ්ල් සිමන්ස්ගේ දැත් අතර සැගවිණ.
තිරිමාන්න දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මැතිව්ස් කල්යල් බලා පහර දෙමින් පන්දු 23 කදී ලකුණු 40 ක් ලබාගත්තේ අවසන් ඕවරයේදී ලකුණු 15 ක් ශී‍්‍ර ලංකා පිලට එක්කරමිනි.
කොදෙව් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් විසින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් ඇද බැඳ දමා තිබියදී ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කින් ලකුණු 42 ක් එක් කළහ. එහෙත් නොතිබූ ලකුණක් සොයා යාමෙන් ඩිල්ෂාන් ලකුණු 39 දී දුවද්දී දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා පන්දු 24 කදී ලකුණු 41 ක් රැුස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් පිට ඉන්නෙන් ඉවතට ඇදී යමින් තිබූ කි‍්‍රස් සන්ටොකිගේ පන්දුවක් කුසල්ගේ පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල තුළට ඇදී ඒම නිසා සම්බන්ධතාව බිඳ වැටිණ.
මහේල ජයවර්ධන එකම පන්දුවකට හෝ මුහුණ නොදීම දුවද්දී දැවී යාමත් කුමාර් සංගක්කාර ලකුණු 1 කට දවාගැනීමට සැමුවෙල් බද්‍රි සමත් වීමත් නිසා පන්දු 14 ක් ඇතුළතදී තවත් කඩුලූ දෙකක් බිඳ වැටිණ.
කාසියේ වාසිය දිනා ගත් ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේය. මෙම තරගය සඳහා ශී‍්‍ර ලංකා පිලේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කී‍්‍රඩා නොකරන අතර ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වය දරයි. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සීකුගේ ප‍්‍රසන්න කණ්ඩායමට එක්ව සිටින අතර ඔහුට කණ්ඩායමේ ස්ථානය සකස්කර දීම සඳහා තිසර පෙරේරා ඉවත් කෙරිණ.
කෙදෙව් පිල කිසිදු වෙනසකින් තොරව පාකිස්තානු තරගයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන් 11 දෙනාම මෙම තරගයටත් තෝරා ගෙන තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.