Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාහසික පිති ප‍්‍රහාරයකින් ශ‍්‍රී ලංකා පන්දුයවන්නන් අන්ත අසරණ තත්ත්වයට පත්කළ ලූක් රොන්කිගේ සහ ග‍්‍රාන්ට් එලියට්ගේ වාර්තාගත සම්බන්ධතාව නිසා ඩනේඩින්හි යුනිවර්සිටි ඕවල් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී අද (23 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයේදී ලකුණු 108 ක ජයක් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත ඕවර 50 නිමාවන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 360 ක් ලබාගත් අතර ශී‍්‍ර ලංකා පිල ඕවර 43.4 කදී ලකුණු 252 කට දැවී ගියේය. ඒ අනුව තරග 7 කින් සමන්විත එක්දින තරගාවලියෙන් නවසීලන්තය 3-1 ක් ලෙස පෙරමුණ රැකගත්තේය. මෙම ජයග‍්‍රහණයත් සමගින් නවසීලන්තය එක්දින තරගාවලියෙන් පරාජය වීමේ අවදානමෙන් මිදී තිබේ.
ශ‍්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ තිලකරත්න ඩිල්ෂාන් සිය එක්දින තරග දිවියේ 20 වැනි ශතකය වාර්තා කරමින් ක‍්‍රීඩා කළේ හුදෙකලා ඉනිමකි. 37 වැනි ඕවරයේදී ඩිල්ෂාන් ලකුණු 116 කට දැවී යනවිට කඩුලූ 4 කට ලකුණු 215 ක් සේ තිබූ ශී‍්‍ර ලංකා ඉනිම තවත් ඕවර 6 ක් තුළදී නිමාවට පත්වූ අතර ඉනිමේ අවසන් කඩුලූ හයම ලකුණු 28 ක් තුළදී බිඳ වැටුණි.
ශ‍්‍රී ලංකා ඉනිමට වැඩිම හානිය කළේ ට‍්‍රනේට් බෝල්ට්ය. ඔහු සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 44 කට කඩුලූ 4 ක් දවාලීය.
ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටීම නිසා මෙම තරගයේ නායකයා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කළේය.
මේ සංචාරයේ පළමු වතාවට ආරම්භක පිතිකරුවකුගේ භූමිකාව නිරූපණය කළ තිරිමාන්න ආරම්භයේ සිටම විශ්වාසනීයත්වයකින් යුතුව පන්දුවට පහරදෙමින් ඩිල්ෂාන් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩ නැගුවේය. ලකුණු 45 ක් ලබා සිටි ඔහු දැවී ගියේ ග‍්‍රාන්ට් එලියට්ගේ පන්දුවකට රෝස් ටේලර් වෙත උඩපන්දුවක් දීමෙනි.
ලකුණු 361 ක් වැනි දැවැන්ත ඉලක්කයකට යද්දී කුමාර් සංගක්කාර (9) වේලසනින් දැවී යාම ශ‍්‍රී ලංකා ඉනිමට වැදුණු මරු පහරක් විය. තිරිමාන්නගෙන් පසුව ඩිල්ෂාන්ට යම් තරමක හෝ සහයෝගයක් ලැබුණේ මහේල ජයවර්ධනගෙන් (30) පමණකි.
ඩිල්ෂාන් සහ මහේල දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 70 ක සම්බන්ධතාව බිඳ දැමුවේ බෝල්ට්ය. ශ‍්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 4 ක් එක්වෙද්දී ඩිල්ෂාන් දැවී ගියේය.
ලෝක කුසලාන තරගාලිය වෙනුවෙන් තෝරාගත් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අංක 9 ස්ථානයෙන් පිටියට පැමිණීම කැපී පෙනුණි. එහෙත් ඒ වෙද්දී ශ‍්‍රී ලංකා ඉනිමේ නම් දැරූ පිතිකරුවකු ඉතිරිව සිටියේ නැත. වේලසනින්ම ඉනිම නිමා කිරිමට නවසීලන්ත පිලේ වේගපන්දු යවන්නෝ සමත්වූහ.
නවසීලන්ත ලකුණු පුවරුවට විශාල ලකුණු සංඛ්‍යාවක් එක්වූයේ ශ‍්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ ලූක් රොන්කී සහ ග‍්‍රාන්ට් එලියට් දෙදෙනා හයවැනි කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීම නිසාය.
ලකුණු 93 කට කඩුලූ 5ක් බිඳ වැටීමෙන් අඩපණව තිබූ නවසීලන්ත ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූ රොන්කි සහ එළියට් දෙදෙනා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින්, 6 වැනි කඩුල්ල සඳහා පන්දු 180 ක් තුල ලකුණු 267 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූහ. 50 වැනි ඕවරය නිමා වූයේ නවසීලන්ත ලකුණු පුවරුව කඩුලූ 5 කට 360 ක් වන සේ සටහන් කරමිනි.
මෙම සම්බන්ධතාව අන්තර්ජාතික එක්දින තරගබිමේ 6 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම සම්බන්ධතාව මෙන්ම නවසීලන්තය වෙනුවෙන් ඕනෑම කඩුල්ලකට වාර්තා වූ දෙවැනි ඉහළම සම්බන්ධතාව ද විය. ඕවර 50 අවසානයේ රොන්කී නොදැවී ලකුණු 170 ක් ලබාසිටි අතර එලියට් නොදැවී ලකුණු 103 ක් ලබා සිටියේය.
රොන්කී මුහුණ දුන්නේ පන්දු 99 කට පමණි. ඔහුගේ ප‍්‍රහාරාත්මක ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 9 ක් ඇතුළත්වූ අතර පන්දු 96 කට මුහුණදුන් එලියට් හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. රොන්කී, මේ දෙදෙනාගෙන් වඩාත් දරුණු ප‍්‍රහාරකයා විය.
නායක ඇන්ජලෝ මැතිව්ස් කී‍්‍රඩා නොකළ හෙයින් අද තරගයේදී කණ්ඩායම මෙහෙය වූ තිරිමාන්නට එහෙම පිටින්ම හිසරදයක් වූ රොන්කී, පා ඉන්න එල්ලයේ වැටෙන කිසිම පන්දුවක් හතරේ සීමාවෙන් මෙපිට නතර නොකළේය.
තමන් ඉදිරියේ පතිත වෙන ඕනෑම දෙයක් සුණුවිසුණු කර දැමීමේ අටියෙන් පිත්ත අමෝරාගෙන සිටි රොන්කීගේ එක්දින තරග දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට ඔහු මුහුණ දුන්නේ පන්දු 74 කට පමණි. එහෙත් ඔහුගේ ඊළඟ ලකුණු 70 රැස් කිරීමට මුහුණ දුන්නේ පන්දු 25 ක් පමණි.
රොන්කීගේ පහසුම ගොදුර වූයේ සුරංග ලක්මාල්ය. නිවැරැුදි ඉලක්කයට පන්දු යැවීමට අසමත්වූ ලක්මාල් ඔහුගේ ඕවර 10 දී ලකුණු 93 කින් බැට කෑවේය. නව පන්දුවෙන් කුලසේකර දස්කම් දැක්වූවත් අවසන් භාගයේදී රොන්කී ඔහුටද රිදෙන්න පහර දුන්නේය. කුලසේකරගේ ඕවර 10 නිමාවනවිට ඔහුද ලකුණු 73 ක් නවසීලන්ත පිලට දී තිබිණ.
නායක ඇන්ජෙලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීම මත අද තරගයට කී‍්‍රඩා නොකළ අතර රංගන හේරත් වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබිණ.
කාසියේ වාසිය දිනා පළමුවට පන්දුවට පහරදීමට නවසීලන්තයට ඇරයුම් කළ තිරිමාන්න, සිය පන්දු යවන්නන් සාර්ථකව මෙහෙයවමින් මුල් ඕවර 20 තුළදී තරගයේ සියලූම ගෞරව දිනාගත්තේ ප‍්‍රතිවාදීන්ගේ ප‍්‍රබලතම පිතිකරුවන් පස්දෙනකුම ආපසු කී‍්‍රඩාගාරය වෙත හරවා යවමිනි.
මාටින් ගප්ටිල් (0) ඉනිමේ පළමු පන්දුවෙන්ම කඩුලූ රකින කුමාර් සංගක්කාර වෙත උඩපන්දුවක් දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවකිනි. නිවැරැුදි එල්ලයට පන්දු යැවූ කුලසේකර අනතුරුව නායක බ්‍රෙන්ඩන් මැකලම් (25) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගත් අතර තිසර පෙරේරාගේ පන්දුවකට කේන් විලියම්සන් (26) දැවී යනවිට නවසීලන්ත ඉනිම දිස්වූයේ කඩුලූ 3 කට ලකුණු 60 ක් ලෙසිනි.
විස්තර විචාරකයන් විමතියට පත් කරමින් පන්දුව අතට ගත් නායක තිරිමාන්න සිය මඳවේග පන්දු යැවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගත්තේ පිට පිට ඕවර දෙකකදී රෝස් ටේලර් (20) හා කෝරී ඇන්ඩර්සන්ගේ (8) ගේ කඩුලූ දවාගනිමිනි.
අනතුරුව පිටියට පැමිණි ලූක් රොන්කීට තැන්පත්වීමට තවත් ඕවර දෙකක් පමණ වැයවූ අතර ඕවර 24 ක් අවසානයේ නවසීන්ත ඉනිම කඩුලූ 5 කට ලකුණු 107 කට වඩා වැඩි නොවීය.
සියල්ල වෙනස් වීමට ගතවූයේ පන්දු 6 ක් පමණි. ජීවන් මෙන්ඩිස් යැවූ 25 වැනි ඕවරයේ පිට පිට හයේ පහර දෙකක් ගැසූ රොන්කී වැඩ ඇල්ලූවේය. එතැන් සිට එය ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට භයංකාර සිහිනයක්ම විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.