Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා පාපන්දු පිල තායිලන්ත යොවුන් පිල පරදවයි

ශී‍්‍ර ලංකා පාපන්දු පිල තායිලන්ත යොවුන් පිල පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තායිලන්තයේ පුහුණු තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පෙරේදා (21) පැවැති තරගයකදී තායිලන්ත යොවුන් (වයස 21න් පහළ) පාපන්දු කණ්ඩායම ගෝල 2.0 කට පරාජය කිරීමට සමත් විය.

”සාෆ්” පාපන්දු තරගාවලිය ඉලක්ක කරමින් මේ වනවිට තායිලන්තයේ පුහුණු සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හෙට (24) තායිල්නත යුද හමුදා කණඩායමට එරෙහිව එහිදී අවසන් පුහුණු තරගයට සහභාගි වීමට නියමිතය.

කෙසේ වුවත් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම තායිලන්තයේ දැන් සංචාරයක නිරතව සිටින හොංකොං ක‍්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයේදී ගෝල 5.1කට පරාජය විය. හොංකොං රාජ්‍යයේ පළමු පෙළ ක‍්‍රීඩා සමාජ කණ්ඩායම එලෙස තායිලන්තයේ දැන් සංචාරයක නිරතව සිටියි.

පැවැති තවත් තරගයකදී තායිලන්ත ”කස්ටම් යුනයිටඞ්” කණ්ඩායමට එරෙහිව ගෝල 2.0ක තවත් ජයක් ලැබීමට ද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පුහුණු සංචාරය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන බදාදා (28) බැංකොක් සිට සාෆ් පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා කෙළින්ම නේපාලයේ ”කත්මන්ඩු” නුවර බලා පිටත්ව යාමට නියමිතය.

අටවැනි සාෆ් පාපන්දු තරගාවලිය එහිදී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 1 වැනිදාය. ශ්‍රී ලංකාව මාලදිවයිනට එරෙහිව සැප්තැම්බර් 2 වැනිදා තරගාවලියේ ඔවුන් මුහුණ දෙන පළමු තරගයට සහභාගි වෙති.

සුරන්ද බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස බ‍්‍රසීල ජාතික ක්ලෝඩියෝ රොබටෝ සිල්වේරා මහතා කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහෙයවන පළමු අන්තර් ජාතික තරගාවලිය මෙය වේ.


අදහස් (1)

ශී‍්‍ර ලංකා පාපන්දු පිල තායිලන්ත යොවුන් පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.