Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 168 ක දැවැන්ත ජයක් කරා කැඳවාගෙන යාමට දග පන්දු යවන්නෝ සමත් වූහ.
තරගයේ අවසන් දිනය වූ අද (26 වැනිදා) තේ පානයට මඳ වේලාවකට පෙර නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු 271 කට සීමා කිරීමට දග පන්දු යවන්නන් සමත් වීමත් සමගම තරග දෙකකින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් ජයගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකි විය.
පිට දග පන්දු යවන ඩිල්රුවන් පෙරේරාත් (93/3) වමතින් දග පන්දු යවන්නන් වන චතුරංග ද සිල්වා (55/3) සහ මලින්ද පුෂ්පකුමාරත් (60/4) නවසීලන්ත ‘ඒ’ දෙවනි ඉනිමේ කඩුලූ සියල්ලම බෙදා හදාගත්හ.
8 වැනි කඩුල්ලත් ලකුණු 138 දී ඇද වැටුණද සටන්කාමී පිතිහරඹයකට අවතීර්ණ වූ ඩග් බ්‍රේස්වෙල් (නොදැවී 104), ඉෂ් සෝදි (19) සහ මැතිව් හෙන්රි (19) අවසන් කඩුලූ දෙකට ලකුණු 133 ක් එක් කිරීමට සමත් වූ නමුත් ඒ වනවිටත් නවසීලන්ත ‘ඒ’ පිල පරාජයේ අගාධයට වැටී තිබිණ.
අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ඩග් බ්‍රේස්වෙල් පන්දු 85 කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 104 ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 7 ක් සහ විදුලි වේගයන් හතරේ සීමාව කරා ඇදී ගිය පහර 8 කින් සිය ඉනිම අලංකාරවත් කරමිනි.
තරගයෙන් ජය ගැනීම සඳහා ලකුණු 440 ක ඉලක්කයක් කරා ගිය නවසීලන්ත ‘ඒ’ පිල ඊයේ සවස තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය. එහෙත් අද පෙරවරුවේදී යැවුණු දෙවැනි ඕවරයේදීම ටොම් ලේතම් දවාගත් ඩිල්රුවන් පෙරේරා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම බලාපොරොත්තුව සිටි ආරම්භය ලබාගත්තේය.
අංක 3 පිතිකරු ඇන්ටන් ඩෙවිසිච් (34) සමග එක්වූ කාල් කැචොපා (26) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක් එක්කරමින් සම්බන්ධතාවක් ගොඩනැංවූවද දග පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටීමේ නොහැකියාව නිසා චතුරංග ද සිල්වාගේ පන්දුවකින් දැවී ගියේය. එතැන් සිට ලකුණු 64 ක් ඇතුළතදී තවත් කඩුලූ 6 ක් බිඳ හෙළීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන් සමත් වූයේ ඉතාමත් පහසු උඩපන්දු දෙකක්ද ගිළිහී ගොස් තිබියදීය.
තරගාවලියේ වීරයා වශයෙන් කෞෂාල් සිල්වා සම්මාන දිනාගත්තේය.
ඡයාරූප - ශාන්ත රත්නායක
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.