Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග හතකින් සමන්විත  විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබූහ.

ලකුණු 126 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 17.3 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ධනුෂ්ක ගුණතිලක පන්දු 41 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස් කළේය. ළහිරු තිරිමාන්න පන්දු 26 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් දිල්හාර ලොකුහෙට්ටිගේ (20/3) සහ රමිත රමුක්වැල්ල (23/3) පන්දුවෙන් දස්කම් දැක්වූහ. කෙන්යානු පිලේ ප‍්‍රවීණතම ක‍්‍රීඩකයා වන 42 හැවිරිදි ස්ටීව් ටිකලෝ පන්දු 40 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය. ස්ටීව් ටිකලෝ පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලූ දෙකක් දවා ගත්තේය.

මෙම තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරගය අනිද්දා (29) පෙවරුවේ සහ පස්වරුවේ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඩුබායිහිදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් ලෙස කෙන්යානු පිල මෙම තරගාවලියට සහභාගි වෙයි.    

 

ලකුණූ පුවරැව


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.