Last Update  :  2024-11-22 11:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාව සුපිරි 8 දෙනා අතරට

ශී‍්‍ර ලංකාව සුපිරි 8 දෙනා අතරට

ශනුක අරවින්ද - 2016 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේහි දැන් පැවැත්වෙන 18 වැනි ආසියානු කනිෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමක් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ද මෙයවේ.

බහරේන් කණ්ඩායම තරග වට 3-0 කින් පරදවා දෙවැනි ජයත් ලබා ගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්හ. ශ‍්‍රී ලංකා පිල ඊයේ (11) පැවැති මුලික වටයේ අවසන් තරගයෙන් කොරියාව හමුවේ පරාජය විය.

පළමු තරගයේදී ශ‍්‍රී ලංකාව විසින් ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරග වට 3-1 කින් පරදවා විශිෂ්ට ජයක් අත්කරගන්නා ලදී.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසුවේ පළමු කණ්ඩායම් අට අතරට පැමිණීම ශ‍්‍රී ලංකාව ලැබු විශාල ජයග‍්‍රහණයක් බවයි.

2010 වසරේ පැවැති මෙම තරගාවලියේ 10 වැනි ස්ථානය ලැබු ශ‍්‍රී ලංකාවට 2014 වසරේ පැවැති තරගාවලියේදී හිමි වුයේ 11 වැනි ස්ථානයයි.

බහරේන් කණ්ඩායම සමග පැවැති තරගයෙන් 25/18, 25/19 ක් සහ 25/20 ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම පහසු ජයක් ලැබීය.

ආසියානු වොලිබෝල් සංගමයේ මෙහෙයවීමෙන් ආසියානු කලාපයේ රටවල් 16 ක් කාණ්ඩ හතරකට බෙදී තරග කරන මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාව මුලික වටයේදී ‘ඞී’ කාණ්ඩයෙන් තරග වැදුණි.

‘ඞී’ කාණ්ඩයට ශ‍්‍රී ලංකාව, ඕස්ටේ‍්‍රලියාව, කොරියාව සහ බහරේන් යන කණ්ඩායම් ඇතුළත්විය.

ඉරානය, චීනය, ජපානය, කොරියාව, ශ‍්‍රී ලංකාව, චීන තායිපේ, කටාර් සහ කසක්ස්තානය සුපිරි අට දෙනාගේ වටයට ඇතුළත්ව සිටිති.

තරගාවලිය මේ මස 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

 

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව සුපිරි 8 දෙනා අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.