Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සගංමයේ නව පාලනය (2015.17) පිළිගැනීම අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකාවට ඉදිරි අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරග මාලා තහනම් වීමේ අවදානමක් උද්ගතවී ඇතැයි වර්තාවේ.
පසුගිය මැයි 14 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරි මණ්ඩලය නීති විරෝධී යයි අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමය නොබෝදා ප‍්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් විද්්‍යුත් තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය හා කී‍්‍රඩා අමාත්‍යාංශයට දැනුම්දීම් කර අතැයි ද මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම දැනුම්දීම් වලින් අනාවරණය කර ඇතැයි පැවසෙන්නේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා නිලවරණය ශ්‍රී ලංකාවේ නව ක‍්‍රීඩා රෙගුලාසි වලට අනුකූලව පැවැත්වීම තුළ එය ව්‍යවස්ථා විරෝධී ස්වරූපයක් ගන්නා බැවින් පත්වූ නව නිලධාරි මණ්ඩලයට නිල පිළිගැනීමක් ලබා දිය නොහැකි බවයි.
එය නිවැරැුදි කර ගන්නා තෙක් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ඇතුළු හිටපු නිලධාරි මණ්ඩලය තවදුරටත් ශ්‍රී ලංකාවේ නිල මලල ක‍්‍රීඩා බලධාරීන් ලෙස පිළිගැනීමට සිදුවන බවත් එහිදී වැඩිදුරටත් අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමය අවධාරණය කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
අතීතයට බලපාන අන්දමින් හිටපු නිලධාරීන්ට ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු කාලසීමාවට සිවු වසරකට සීමා කරමින් ක‍්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණය එහිදී අන්තර්ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ දැඩි අවධානයට යොමුවී තිබෙන බවත් දැනගන්නට ඇත.
උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ ලබන ජූලි 5 වැනිදා ආරම්භ වන ආසියානු ගෝන් පී‍්‍ර මලල ක‍්‍රීඩා තරග මාලාව, ජූලි 15 වැනිදා කොලොම්බියාවේ ආරම්භ වන ලෝක යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන අගෝස්තු 22 වැනිදා චීනයේ බීජිං නුවරදී ආරම්භ වන ලෝක මලල ක‍්‍රීඩා ශුරතාවලිය, ඇතුළු අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරගාවලි කිහිපයකට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රධානීන් දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා වේ. එහි පළමු මධ්‍යම කමිටුවේ රැස්වීම් අද (9) පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි අවධානයට යොමු කරනු ඇතැයි ද දැනගන්නට ඇත.
චීනයේ බුහාන්්හිදී පැවැති ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා අද දිවයිනට ළඟාවීමට නියමිතය.
ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ සංචාරක ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායම ඊයේ (08) රාත‍්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.