Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල පරදවා ලකුණු 128 ක විශිෂ්ට ජයක් අත්කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙසින් ජයගැනීමටද ශී‍්‍ර ලංකා පිලට හැකිවිය.
ලකුණු 308 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ඕවර 43.5 කදී ලකුණු 179 කට දවාගැනීමට ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ලකුණු 86 කට කඩුලූ 6 ක් බිඳ වැටී දකුණු අපි‍්‍රකානු පිල අමාරුවේ වැටී සිටියදී එක්වූ ඩිවිලියර්ස් සහ මැක්ලරන් දෙදෙනා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක් කිරීමට සමත් වූ නමුත් තම පිල පරාජයෙන් ගලවා ගැනීමට අසමත් වූහ.
සුපුරුදු ආර්. පේ‍්‍රමදාස තණතීරුවේ මන්දගාමී ස්වභාවය මත දකුණු අපි‍්‍රකානුවන් අන්දමන්ද කළ ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ දකුණු අපි‍්‍රකානු පිලේ කඩුලූ හයක් බෙදාහදා ගත්හ. අට වැනි ඕවරයේදීම පන්දුව අතට ගත් සචිත‍්‍ර සේනානායක විසින් ක්වින්ටින් ඩි කොක් (27) සහ හෂිම් අම්ලා (18) දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීම නිසා තරගයේ 10 වැනි ඕවරය නිමා වීමටත් පෙරම දකුණු අපි‍්‍රකානුවන් පසුපාදයට වැටිණ.
ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වූ ක්වින්ටින් ඩි කොක්, පන්දු 21 කට මුහුණ දෙමින්, හතරේ පහර 5 ක් ද සහිතව ලකුණු 27 ක් ලබාගත්තද ඩි කොක්ගේ පිත්තත් පා ආවරණයත් අතරින් රිංගා ගිය සේනානායකගේ පන්දුවක් මැද ඉන්න සොයා ගත්තේය.
සේනානායකගේම තවත් පන්දුවක් කඩුල්ලට යා නොදී පා ආවරණයෙන් මුවා කිරීම නිසා දකුණු අපි‍්‍රකානු පිලේ අංක එකේ පිතිකරුවා වන හෂිම් අම්ලා දැවී ගිය කී‍්‍රඩකයකු බවට විනිසුරු රිචඞ් කෙට්ල්බරර් මහතා විසින් නම් කරන ලදි. තමන්ට එරෙහිව ලැබුණු තීරණය විමසීමට අම්ලා උත්සුක වූ නමුත් පසුව සිය සහායක පිතිකරු ජේ. පී. ඩුමිනිගේ උපදෙස් මත තීරණය නොවිමසාම හෙතෙම ආපසු කී‍්‍රඩාගාරයට ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් විසින් සිය පළමු ඕවරයේදීම ජේ. පී. ඩුමිනි දවාගන්නා ලද අතර සුරංග ලක්මාල්ගේ කඩුලූ දෙකත් සමගම දකුණු අපි‍්‍රකානු බලාපොරොත්තු බිඳ වැටිණ.
කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරා ගැනීමෙන් අනතුරුව, තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න සහ කුමාර් සංගක්කාර එක්ව දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ කළ අනුකම්පා විරහිත පිතිහරඹය නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 307 ක් ලබා ගත්තේය.
තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 163 ක සම්බන්ධතාවෙන් පසුව එක්වූ ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර ඒ වන විට පවත්වාගෙන ගිය ලකුණු වේගය දිගටම රඳවාගත්හ. මෙම පිතිකරුවන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 36 ක් එක් කළේ පන්දු 32 කිනි.
සිය ශතකය ආසන්නයේ තරමක් අසීරුතාවකට මුහුණ දුන් ඩිල්ෂාන් ලකුණු 99 කට දැවී ගියේ පිට පිටම එක්දින තරග දෙකකදී ශතක දෙකක් ලබාගැනීමට තිබූ අනගි අවස්ථාවක් අහිමි කරගනිමිනි. පන්දු 110 කට මුහුණ දුන් ඩිල්ෂාන් එයින් 13 ක් හතරේ සීමාවට හරවා යැවීය.
පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී නොදැවී ලකුණු 115 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිලට තරගාවලියේ ජයගෙන දුන් ඩිල්ෂාන්, මෙම තරගාවලියේ තරග 5කදී ලබාගත් මුලූ ලකුණු සංඛ්‍යාව 273 කි.
කි‍්‍රකට් පොතේ නැති, හිතූ හිතූ පහර ගසමින් කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 75 ක් ලබාගත් අතර ඔහු මුහුණ දුන්නේ පන්දු 45 කට පමණි. ඊට හතරේ පහර 12 ක් ඇතුළත් විය. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පැමිණි කුසල් ජනිත් පෙරේරා පන්දු 16 කට මුහුණ දෙමින් ලකුණු 9 කට දැවී ගියේ සති තුනකට පමණ පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට ලද අවස්ථාව අපතේ හරිමිනි.
මෙම අවස්ථාවේදී තිලකරත්න ඩිල්ෂාන්ට එක්වූ ළහිරු තිරිමාන්න දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ සිය පිතිකරු තාක්‍ෂණය මොනවට ප‍්‍රදර්ශනය කරමින් පන්දු 73 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකාව
තිලකරත්න ඩිල්ශාන් - ප.මැක්ලරන් 99
කුසල් ජනිත් - ඇ.ද කොක් ප. මෝකල් 9
ළහිරු තිරිමාන්න - ඇ.ඩුමිනි ප.පැන්ගිසෝ 68
කුමාර් සංගක්කාර - නොදැවී 75
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.මිලර් ප.සොත්සෝබි 23
තිසර පෙරේරා - නොදැවී 17
අතිරේක 16
එකතුව ඕවර 50 කදී කඩුලූ 4ක් දැවී 307
කඩුලු වැටීම:
1-13 (ජනිත්), 2-176 (තිරිමාන්න), 3-212 (ඩිල්ශාන්), 4-257 (මැතිව්ස්)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස්, සචිත‍්‍ර සේනානායක, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්
පන්දු යැවීම:
මෝනි මෝකල් : 10-0-78-1, ලොන්වාබෝ සොත්සෝබි : 10-2-52-1, රයාන් මැක්ලරන් : 10-0-47-1, ෆරහාන් බෙහාර්ඞීන් : 4-0-28-0, ජේ. පී. ඩුමිනි : 7-0-46-0, ඒරන් පැන්ගිසෝ : 9-0-48-1
දකුණු අප‍්‍රිකාව
කුයින්ටන් ද කොක් - ප.සේනානායක 27
හෂීම් අම්ලා - ක.මු.කළා ප.සේනානායක 18
ජේ. පී. ඩුමිනි - ක.මු.කළා ප.ඩිල්ශාන් 15
ෆෆ් ඩු ප්ලේසී - ඇ.සංගක්කාර ප.තිසර පෙරේරා 6
ඒ. බී. ඞීවිලියර්ස් - ඇ.මැතිව්ස් ප.මෙන්ඩිස් 51
ෆරහාන් බෙහාර්ඞීන් - ඇ.මැතිව්ස් ප.ලක්මාල් 1
ඩෙවිඞ් මිලර් - ඇ.සංගක්කාර ප.ලක්මාල් 0
රයාන් මැක්ලරන් - ඇ.මැතිව්ස් ප.මෙන්ඩිස් 29
මෝනි මෝකල් - ප.මෙන්ඩිස් 0
ඒරන් පැන්ගිසෝ - නොදැවී 18
ලොන්වාබෝ සොත්සෝබි - ප.ලක්මාල් 1
අතිරේක 13
එකතුව ඕවර 43.5 කදී සියළු දෙනා දැවී 179
කඩුලු වැටීම:
1-35 (ද කොක්), 2-60 (අම්ලා), 3-61 (ඩුමිනි), 4-69 (ඩු ප්ලේසී), 5-85 (බෙහාර්ඞීන්), 6-85 (මිලර්), 7-137 (ඞීවිලියර්ස්), 8-137 (මෝකල්), 9-171 (මැක්ලරන්), 10-179 (සොත්සෝබි)
පන්දු යැවීම:
සුරංග ලක්මාල් : 5.5-0-24-3, ඇන්ජලෝ මැතිව්ස් : 4-0-32-0, සචිත‍්‍ර සේනානායක : 10-2-29-2, තිලකරත්න ඩිල්ශාන් : 10-0-41-1, තිසර පෙරේරා : 5-1-17-1, අජන්ත මෙන්ඩිස් : 9-2-36-3
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.