Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකාවට ලකුණු 17 ක ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 17 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින තරගයේදී දකුණු අපි‍්‍රකානු පිල පරදවා ලකුණු 17 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය. මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2 - 0 ක් ලෙසින් ඉදිරියට පැමිණියේය.

ජයග‍්‍රහණය වෙනුවෙන්  ඕවර 29 කදී ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම  ඕවර 21 ක් අවසානයේදී වර්ෂාව නිසා තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 104 ක් ලබා සිටියේය.

ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව, දකුණු අපි‍්‍රකානු ඉනිමේ කඩුලූ 5 ක් දැවී ගොස් තිබුණේ නම්,  ඕවර 21 ක් අවසානයේදී තරගය සම වීම සඳහා ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 121 කි. ඒ අනුව වර්ෂාව නිසා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල ලකුණු 17 ක් ඉදිරියෙන් සිටියේය.

වර්ෂාව ඉතා දැඩි වූ හෙයින් කී‍්‍රඩාංගණ ආවරණ පිටිය පුරාම ඇතිරුණු අතර තරගය නැවත ආරම්භ කළ නොහැකි වූ නිසා ශී‍්‍ර ලංකා පිලට ජය හිමි විය.

තරගය නතර කරන විට කඩුල්ලේ රැඳී සිටි රයාන් මැක්ලරන් (නොදැවී 14) සහ ඬේවිඞ් මිලර් (නොදැවී 22) දෙදෙනා හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 35 ක් එක් කරමින් තම පිල ජයග‍්‍රහණය කරා ගෙන යාමේ දැඩි උත්සාහයක නිරතව සිටියද ඔවුන් හමුවේ තිබුණේ අසීරු අභියෝගයකි. එනම් පන්දු 48 කදී ලකුණු 75 ක් ලබාගැනීමයි.

දකුණු අපි‍්‍රකානුවන්ට වූ බරපතළම පාඩුව වූයේ හෂිම් අම්ලා පන්දුරැකීමේදී තුවාල ලැබීමයි. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1 හිමි පිතිකරුවාද වන අම්ලා අද දිනයේ පන්දුවට පහර දීමට නොපැමිණියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව නිසා තරගය නතර කරන විට  ඕවර 49.2 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය. අනතුරුව ඩක්වර්ත් - ලූවිස් න්‍යාය අනුව දකුණු අපි‍්‍රකානු පිලේ ඉලක්කය  ඕවර 29 කදී ලකුණු 179 ක් ලෙස ප‍්‍රකාශයට පත්කෙරිණ.

ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතරේ තිලකරත්න ඩිල්ෂාන් (43), කුමාර් සංගක්කාර (37) සහ දිනේෂ් චන්දිමාල් (43) දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන් හමුවේ තරමක හෝ ප‍්‍රතිරෝධයක් දැක්වූ නමුත් කිසිදු පිතිකරුවකුට ලකුණු 50 සීමාවෙන් ඔබ්බට යාමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සහ පන්දු රකින්නෝ අවසර නොදුන්හ.

පන්දු රැකීමේදීත් සිය සුපුරුදු දස්කම් අතරට අවතීර්ණ වූ දකුණු අපි‍්‍රකානුවෝ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කළේ අති විශිෂ්ඨ උඩපන්දු දෙකකිනි.

උපුල් තරංග ලකුණු 3 කට දැවී ගියද කුමාර් සංගක්කාර සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක්කළ ඩිල්ෂාන්ගේ පිත්තේ දාරයේ ගැටුණු පන්දුව පළමු ස්ලිප් දෙසට ඇදී යද්දී ඒ වෙත පියාඹා ගිය ඒ. බී. ඩිවිලියර්ස් උඩ පන්දුව රැකගත්තේ ඩිල්ෂාන් විපිළිසර කරමිනි. ඒ වන විට පන්දු 64 කට මුහුණ දී සිටි ඩිල්ෂාන් ලබා සිටියේ ලකුණු 43 ක් පමණි.

චන්දිමාල්ගේ ස්ක්වෙයාර් කට් පහරකින් පසු පන්දුව විදුලි වේගයෙන් ඇදී යද්දී බැක්වර්ඞ් පොයින්ට්හි සිටි ෆෆ් ඩූ ප්ලෙසී එය උඩපන්දුවක් බවට පෙරළාගත්තේ චන්දිමාල්ට සිතාගැනීමටවත් කාලයක් ඉතිරි කර නොතබමිනි.

දකුණු අපි‍්‍රකානු පිලේ අංක එකේ වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින් නැති අඩුව කදිමට පිරවූ මෝනි මෝකල්, සිය  ඕවර 10 න් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට ලකුණු 34 ක් පමණක් ලබාගැනීමට අවසර දෙමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන් තිදෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යැවීය. ඔවුන් තිදෙනා වූයේ උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල්ය.

ඊයේ රාති‍්‍රයේ සිටම පැවැති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වුවත්  ඕවර සංඛ්‍යාව අඩු නොකර පස්වරු 3.00 ට තරගය ආරම්භ කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

ලකුණු පුවරුව

     
ශ‍්‍රී ලංකාව
     
උපුල් තරංග
ඇ.රොබින් පීටර්සන් ප.මෝකල්
3  
තිලකරත්න ඩිල්ශාන්
ඇ.විලියර්ස් ප.මෝකල්
43  
කුමාර් සංගක්කාර
ඇ.ඇල්වයිරෝ පීටර්සන් ප.පැන්ගිසෝ
37  
මහේල ජයවර්ධන
ප.රොබින් පීටර්සන් 
17  
ළහිරු තිරිමාන්න
ක.මු.කළා ප.මැක්ලරන්
13  
දිනේෂ් චන්දිමාල්
ඇ.ඩු ප්ලේසී ප. මෝකල්
43  
ජෙහාන් මුබාරක්
ඇ. සහ ප.ඩුමිනි
8  
තිසර පෙරේරා
ඇ.අතිරේක ප.මොරිස්
11  
රංගන හේරත්
දුවද්දී දැවී ගියා 
13  
ශමින්ද එරංග
නොදැවී
7  
ලසිත් මාලිංග
නොදැවී 
0  
අතිරේක
  28  
එකතුව
ඕවර 49.2 කදී කඩුලූ 9ක් දැවී
223  
       
කඩුලු වැටීම: 
     
1-7 (තරංග), 2-66 (සංගක්කාර), 3-106 (ජයවර්ධන), 4-120 (ඩිල්ශාන්), 5-143
 
(තිරිමාන්න), 6-167 (මුබාරක්), 7-192 (පෙරේරා), 8-205 (චන්දිමාල්), 9-220 (හේරත්)  
       
පන්දු යැවීම:
     
රොබින් පීටර්සන් : 10-0-39-1, මෝනි මෝකල් : 10-0-34-3, ක‍්‍රිස් මොරිස් : 7-0-38-1,
 
රයාන් මැක්ලරන් : 9.2-0-43-1, ඒරන් පැන්ගිසෝ : 10-0-52-1, ජේ. පී. ඩුමිනි : 3-0-9-1 
 
       
දකුණු අප‍්‍රිකාව
     
ඇලවයිරෝ පීටර්සන්
ක.මු.කළා ප.හේරත්
24  
රොබින් පීටර්සන්
ප.මාලිංග
3  
ජේ. පී. ඩුමිනි
ඇ.සංගක්කාර ප.පෙරේරා
15  
ඒ. බී. ඞීවිලියර්ස්
ක.මු.කළා ප.ඩිල්ශාන්
12  
ෆෆ් ඩු ප්ලේසී
ඇ.සංගක්කාර ප.හේරත්
8  
ඩෙවිඞ් මිලර් 
 නොදැවී  22  
රයන් මැක්ලරන්
නොදැවී 
14  
අතිරේක
  5  
එකතුව
ඕවර 21 කදී කඩුලූ 5ක් දැවී
104  
       
කඩුලු වැටීම:
     
1-7 (රොබින් පීටර්සන්), 2-39 (ඩුමිනි), 3-55 (ඇලවයිරෝ පීටර්සන්), 4-67 (ඞීවිලියර්ස්), 5-69 (ඩු ප්ලේසී)
       
පන්දුවට පහර දීමට සිටින ක‍්‍රීඩකයෝ:
   
හෂීම් අම්ලා, ක‍්‍රීස් මොරිස්, ඒරන් පැන්ගිසෝ, මෝනි මෝකල් 
   
       
පන්දු යැවීම:
     
ලසිත් මාලිංග : 3-0-17-1, ශමින්ද එරංග : 4-0-21-0, තිසර පෙරේරා : 4-0-23-1, රංගන හේරත් : 4-0-16-2,
තිලකරත්න ඩිල්ශාන් : 5-0-20-1, ජෙහාන් මුබාරක් : 1-0-5-0

අදහස් (8)

ශී‍්‍ර ලංකාවට ලකුණු 17 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.