Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ජාතික කි‍්‍රකට් සභාව සංවිධානය කළ වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමිවන ‘ශ‍්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය දිනාගැනීමට ඕසටේ‍්‍රලියානු පිලේ වේගපන්දු යවන කී‍්‍රඩක මිචෙල් ජොන්සන් සමත්විය.
ශ‍්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර, වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් සහ දකුණු අපි‍්‍රකානු පිලේ වත්මන් නායක ඒ. බී. ඩිවිලියර්ස්ද එම සම්මානය සඳහා නිර්දේෂ වී සිටියහ.
ඔවුන් අතරින් මිචෙල් ජොන්සන් සහ කුමාර් සංගක්කාර අතර මෙම සම්මානය දිනා ගැනීම සඳහා වඩාත් තියුණු තරගයක් පැවැති අතර මින් පෙර ඔවුන් දෙදෙනාම එක්වරක් බැගින් ‘ශ‍්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය දිනාගෙන තිබිණ.
කෙසේ වෙතත් කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාම වසරේ ටෙස්ට් කණ්ඩායමට තේරී සිටින අතර එහි නායකයා වශයෙන් පත්කර ඇත්තේද ඇන්ජලෝ මැතිව්ස්ය.
මෙම සම්මානයට අමතරව වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයාට හිමි සම්මානයද තමන් සතුකර ගැනීමට මිචෙල් ජොන්සන් සමත්වූ අතර ඔහුගේ කණ්ඩායම් සගයකු වන ඬේවිඞ් වෝනර්, කුමාර් සංගක්කාර සහ ඇන්ජලෝ මැතිව්ස් එම සම්මානය දිනා ගැනීම සඳහා ඔහු සමගින් තරග වැදිණ.
වසරේ එක්දින කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස දකුණු අපි‍්‍රකානු පිලේ නායක ඒ. බී. ඩිවිලියර්ස්ද, වසරේ එක්දින කි‍්‍රකට් කී‍්‍රඩිකාව ලෙස එංගලන්තයේ සාරා ටේලර්ද සම්මාන දිනාගත්හ.
ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ඒරන් ෆින්ච් වසරේ විස්සයි20 කි‍්‍රඩකයා බවට පත්වූ අතර ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකා මෙග් ලැනින් වසරේ විස්සයි20 කී‍්‍රඩිකාව බවට පත්වූවාය.
එංගලන්ත කී‍්‍රඩක ගැරී බැලන්ස් වසරේ නැගී එන කී‍්‍රඩකයා ලෙසද, ඉන්දීය කී‍්‍රඩක බුවනේෂ්වර් කුමාර් වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා ලෙසද සම්මාන දිනාගත්හ.
සම්මාන ලැබූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා - මිචෙල් ජොන්සන් (ඕස්ටේ‍්‍රලියාව)
වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා - මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව)
වසරේ එක්දින කි‍්‍රකට් කී‍්‍රඩකයා - ඒ. බී. ඩිවිලියර්ස් (දකුණු අපි‍්‍රකාව)
වසරේ එක්දින කි‍්‍රකට් කී‍්‍රඩිකාව - සාරා ටේලර් (එංගලන්තය)
වසරේ නැගී එන කි‍්‍රකට් කී‍්‍රිඩකයා - ගැරී බැලන්ස් (එංගලන්තය)
ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයා - පි‍්‍රස්ටන් මොම්සන් (ස්කොට්ලන්තය)
වසරේ විස්සයි20 කි‍්‍රකට් කී‍්‍රඩකයා - ඒරන් ෆින්ච් ( ඕස්ටේ‍්‍රලියාව)
වසරේ විස්සයි20 කි‍්‍රකට් කී‍්‍රඩිකාව - මෙග් ලැනිං ( ඕස්ටේ‍්‍රලියාව)
කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජීව ගුණය රැුකගත් කී‍්‍රඩිකාව - කැතරින් බෘන්ට් (එංගලන්තය)
වසරේ කි‍්‍රකට් විනිසුරුවරයා - රිචඞ් කෙට්ල්බරර් (එංගලන්තය)
වසරේ ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා - බුවනේෂ්වර් කුමාර් (ඉන්දියාව)
වසරේ ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායම -
ඬේවිඞ් වෝනර්, කේන් විලියම්සන්, කුමාර් සංගක්කාර, ඒ. බී. ඩිවිලියර්ස්, ජෝ රූට්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), මිචෙල් ජොන්සන්, ස්ටුවර්ට් බෝඞ්, ඬේල් ස්ටේන්, රංගන හේරත්, ටිම් සවුති සහ රොස් ටේලර්
වසරේ එක්දින කි‍්‍රකට් කණ්ඩායම -
මොහොමඞ් හෆීස්, ක්වින්ටන් ඩි කොක්, විරාත් කෝලි, ජෝජ් බේලි, ඒ. බි. ඩිවිලියර්ස්, මහේන්ද්‍ර සිං දෝනි (නායක*, ඞ්වේන් බ‍්‍රාවෝ, ජේම්ස් ෆෝල්ක්නර්, ඬේල් ස්ටේන්, මොහොමඞ් සාමි, අජන්ත මෙන්ඩිස් සහ රෝහිත් ශර්මා
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.