Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්දමන්ද කළ ජයග්‍රහණයකින් පසුගිය සතියේ සිය ප්‍රසාද ලකුණු මල්ල තරකරගත් සී.එච්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජය අද (12) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙල්ල කිරීමේ අරමුණ ඇතිව කොළඹ තුරඟ තරග පිටියට පැමිණෙයි.
ලකුණු 27-25 ක පෙරළිකාර ජයග්‍රහණයකින් හැව්ලොක්ස් පිල මෙල්ල කරමින් ලකුණු සටහනේ පස්වැනි තැන දක්වා ඉහළට පැමිණ සිටින සී.එච්.පිලේ ක්‍රීඩකයන්ගේ අරමුණ වී ඇත්තේ තවත් සති කිහිපයකින් නිමාවට පත්වන අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අනුශූරතාවට අත තැබීමයි.
තරග 9 ක නිමාවෙන් පසුව ප්‍රසාද ලකුණු 52 ක් ලබා පෙරමුණේ පසුවන වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජයට කිට්ටුවීමට අවස්ථාවක් සෙසු කණ්ඩායම්වලට නොලැබෙන ලකුණු පහළ වෙමින් තිබේ. ඒ අනුව සෙසු කණ්ඩායම්වල අරමුණ වී ඇත්තේ දැනට ලකුණු 36 ක් ලබා දෙවැනි තැන රැකගෙන සිටින හැව්ලොක්ස් කණ්ඩායම බිමට ඇද දමා දෙවැනි තැන උදුරාගැනීමයි.
නාවික හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු 34 ක් ලබා තුන්වැනි තැන පසුවන අතර (13) පොලිස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී සිය අපේක්ෂාව මුදුන් පමුණුවා ගැනීම නාවිකයන්ගේ අපේක්‍ෂාව වී තිබේ. එසේ වුවත් පසුගිය සතියේදී සී.ආර්. කණ්ඩායමේ හද ගැස්ම වැඩි කරමින් ජයග්‍රහණය පෙනි පෙනී පරාජයට පත්වූ පොලිස් කණ්ඩායමේ ජයග්‍රහණ පිපාසය හමුවේ දැඩි සටනක නිරතවීමට නැවියන්ට සිදුවන බව නම් නිසැකය.
මේ සති අන්තයේ තරග අතරින් කාගෙත් අවධානය දිනාගන්නා තරගය බවට පත්වනු ඇත්තේ අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සහ ප්‍රසාද ලකුණු 30ක් ලබා සිවුවැනි තැන සිටින සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම අතර නිත්තවෙලදී පැවැත්වෙන තරගයයි. මෙතෙක් අන්තර් සමාජ තරග බිමේ සිය ආධිපත්‍ය පතුරුවාලීමට මහනුවර ක්‍රීඩකයන් සමත්වූවත් හිටි හැටියේම හිස ඔසවන, අනාවැකි පළ කළ නොහැකි කණ්ඩායමක් වන සී.ආර්.පිලේ ආක්‍රමණශීලී තරග රටාව හමුවේ සිය අපරාජිතබව රැක ගැනීමට මහනුවර පිලට සෑහෙන සටනක් දීමට සිදුවනු නොඅනුමානය.
මේ අතර නැවියන් හමුවේ පසුගිය සතියේදී ලකුණු 28-10 ක දරුණු පරාජයක් විඳ දරාගැනීමට සිදුවූ යුද හමුදා පිල සහ හැව්ලොක්ස් පිල අතර තරගයත් හැව්ලොක්ස් පිටියේදී පැවැත්වෙයි. පසුගිය සතියේ සී.එච්. කණ්ඩායම හමුවේ ලැබූ විස්මිත පරාජයේ වේදනාව අකාමකා දමා නැවත ජයග්‍රාහී මානසිකත්වය වැඩි කරගැනීම හැව්ලොක්ස් පිලේ අරමුණ වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.