Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එෆ්.ඒ. කුසලාන අවසන් මහ තරගය යළි සිහියට නැගෙන කළුතර බ්ලූස්ටාර් කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර ”ඩයලොග්” ශූරයන්ගේ පාපන්දු අවසන් මහ තරගය අනිද්දා (25) රාත‍්‍රී 7.00ට රීඞ් මාවත නව ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
රග්බි ක‍්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන පළමු පාපන්දු තරගය එයයි. එදිනම පස්වරුවේදී බේරුවල සුපර්සන් කණ්ඩායම හා මාතර සිටි කණ්ඩායම අතර තවත් තරගයක් පැවැත්වීමට නියමිතය.
ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන බ්ලූස්ටාර්ස් කණ්ඩායම හා කළුතර කණ්ඩායම අතර නොබෝදා පැවැති එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් මහ තරගය ජයගත්තේ කොළඹ කණ්ඩායමයි.
මෙවර කණ්ඩායම් 22 ක් ‘ඒ’ හා ‘බී’ යන කාණ්ඩ දෙකකින් තරගාවලියේ මූලික වටයට සහභාගි වෙති. එහිදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකක් තෝරා සුපිරි අවසන් වටයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශූරයන්ට හා අනුශූරයන්ට රුපියල් ලක්ෂ 10 ක් හා ලක්‍ෂ 5 ක් පිරිනැමෙන තරගාවලියේ මුළු තරග ගණන මෙවර 140 කි.
තරගාවලියට සහභාගි වන කණ්ඩායම් බහුතරයක අප‍්‍රිකානු රටවලට අයත් ක‍්‍රීඩකයන් රැුසක් ක‍්‍රීඩා කිරීම කැපී පෙනේ. වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම ලීග් තරගාවලියේ විශේෂත්වය මෙරට ජාතික මට්ටමේ නමගිය ක‍්‍රීඩකයන් සියලූ දෙනා කණ්ඩායම් නියෝජනය කරමින් තරගවැදීමය.
මෙම තරග මාලාවට සහභාගි වන සියලූ කණ්ඩායම්වලට ගෙවීම් කරන අතර ඒ අනුව සුපිරි වටය දක්වා පැමිණෙන එක් කණ්ඩායමකට රුපියල් ලක්ෂ 10ක් හිමිවන බව පාපන්දු සම්මේලනයේ මූල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසීය.
ලබන වසරේ තරගාවලිය කණ්ඩායම් 20 කට සීමාකිරීමට තීරණය කර තිබෙන අතර එහිදී කාණ්ඩ දෙක අවසන් ස්ථාන දෙක ලබා කණ්ඩායම් හතරක් ඉවත් කර ඒ වෙනුවට පළමු පෙළ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබා කණ්ඩායම් දෙක ඊට අලූතින් ඇතුළත් කර ගැනේ.
ශූරයන්ගේ ලීග් තරගාවලිය ගියවර ජයගත්තේ අනුරාධපුරය පොලිස් කණ්ඩායමයි. එවර තරගාවලියේ වැඩිම ප‍්‍රසාද ලකුණු ලබමිනි. පිළිමලූන් පිටුදැකීමේ ක‍්‍රමයට අවසන් වටයත් එහිදී නොපැවැත්වුණි.
ඩයලොග් ශූරයන්ගේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
”ඒ” කාණ්ඩය :-
පොලිස්, අප්කන්ටි‍්‍ර, ගුවන් හමුදා, යුද හමුදා, රිනවුන්, නන්දිමිත‍්‍ර, පෙලිකන්ස්, හයිලෑන්ඩර්ස්, ක‍්‍රිස්ටල් පැලැස්, සෝන්ඩර්ස් හා පොලිස්.
”බී” කාණ්ඩය :-
කොළඹ, මීගමුව යූත්, නාවික හමුදාව, බ්ලූස්ටාර්ස්, සුපර් සන්, නිව්යංග්ස්, ජාවාලේන්, දොන් බොස්කෝ, මාතර සිටි, කළුතර පාක් හා තිහාරිය යූත්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.