Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ විවෘත පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
බිමන්දි ජාතික ශූරිය බවට පත් වූ දෙවැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 2018 වසරේදීද ඇය ජාතික මේසපන්දු ශූරිය බවට පත්වූවාය. නිමේෂ් ජාතික මේසපන්දු ශූරයා බවට පත් වූ පළමු අවස්ථාව මෙය විය. මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතා දිනාගත් එකම ක්‍රීඩකයා බවටද පත්වූ නිමේෂ්, පිරිමි යුගල ශූරතාවට හිමිකම් කීමටද සමත් විය.
පිරිමි කේවල සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීම වෙනුවෙන් නිමේෂ්ට සහ බිමන්දිට රුපියල් 25,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමට තරගාවලියේ සංවිධායකයන් පියවර ගෙන තිබිණ. එම ඉසව්වල අනු ශූරතා වෙනුවෙන් රුපියල් 15,000 බැගින්ද, අවසන් පූර්ව වටය දක්වා පැමිණීම වෙනුවෙන් 5000 බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමිණ.
අවසන් මහ තරගයේදී වට 4-1 ක් ලෙස කොළඹ ආනන්ද විදුහලේ හිරුණ වරුසවිතාන පරාජය කරමින් නිමේෂ් පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේය. එහිදී පළමු වට ලකුණු 11/09 ක් ලෙස ජයගැනීමට නිමේෂ් සමත් වුවත්, දෙවැනි වටය ලකුණු 13/11 ක් ලෙස ජයගත් හිරුණ තරගය වට 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය. කෙසේ වුවත් ඉන් අනතුරුව පැවැති වට 3 ලකුණු 11/06 ක්, 11/09 ක් සහ 11/-06 ක් ලෙස ජයගත් නිමේෂ් සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
පිරිමි යුගල ඉසව්වේදී සිය බාල සොහොයුරු තිසස් රංචාගොඩ (කොළඹ රාජකිය විදුහල) සමග එක්ව තරග වැදුණ නිමේෂ්, එහි අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස තවත් සොහොයුරන් යුගලක් වූ සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) සහ හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරමින් ශූරතාව දිනා ගත්තේය.
කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට බිමන්දි බණ්ඩාර සමත් වූයේ එහි අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස (11/4, 14/12, 11/4, 11/5) අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ මනීෂා ශලින්දි පරාජය කරමිනි. තියුණු තරගයකින් අනතුරුව ලකුණු 13/11 ක් ලෙස පළමු වටය ජයත් බිමන්දි, දෙවැනි සහ තෙවැනි වට ලකුණු 11/05 ක් සහ 11/08 ක් ලෙස පහසුවෙන් ජය ගත්තාය. ඉන් නොනැවතුන ඇය සිවුවැනි වටයේ ජයද තමන් සතුකර ගත්තේ කරට කර සටනකින් අනතුරුව ලකුණු 12/10 ක් ලෙසනි.
කාන්තා යුගල ඉසව්වේදී කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි සමග තරග වැදුන බිමන්දිට එහි අවසන් මහ තරගයේදී ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) හමුවේ වට 3-2 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන් එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූවාය.
මෙවර තරගාවලියේදී ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කී එකම ක්‍රීඩිකාව බවට පත්වූ ඉෂාරා මධුරංගි, මිශ්‍ර යුගල ශූරතාවටද හිමිකම් කීවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සමග එක්ව අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස ඉසුරු අංජන (යුද හමුදාව) සහ සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරමිනි.
මෙය 2021 වසරට අදාල ජාතික මේසපන්දු තරගාවලිය වූ අතර ඒ සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 230 දෙනෙක් සහභාගී වූහ. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ‘යෙටි’ ක්‍රීඩා භාණ්ඩ සමාගමේ අධ්‍යක්ෂ දිල්ෂාන් බාලසූරිය මහතා සහභාගි විය.
තරග ප්‍රතිඵල
විවෘත පිරිමි කේවල
නිමේෂ් රංචාගොඩ (නාවික හමුදාව) විසින් තරග වට 4-1 ක් ලෙස හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/13, 11/06, 11/09, 11/6)
විවෘත පිරිමි යුගල
නිමේෂ් රංචාගොඩ (නාවික හමුදාව) සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් වට 3-0 ලෙස සුපුන වරුසවිතාන (මොරටුව විශ්ව විද්‍යාලය) සහ හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදහ. (11/08, 11/07, 11/07)
විවෘත කාන්තා කේවල
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල) විසින් තරග වට 4-0 ක් ලෙස මනීෂා ශලින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/05, 11/08, 12/10)
විවෘත කාන්තා යුගල
ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ හංසනී පියුමිලා (නාවික හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුල් බාලිකා විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ. (09/11, 11/09, 06/11, 11/09, 11/07)
විවෘත මිශ්‍ර යුගල
චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ ඉෂාරා මධුරංගි (වරාය අධිකාරිය) සහ විසින් තරග වට 3-2 ක් ලෙස ඉසුරු අංජන (යුද හමුදාව) සහ සඳුනිකා ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (09/11, 11/07, 09/11, 11/09, 11/05)
පිරිමි කේවල ශූරතාව
කාන්තා කේවල ශූරතාව
පිරිමි යුගල ශූරතාව
කාන්තා යුගල ශූරතාව
මිශ්‍ර යුගල ශූරතාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.