Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘මහීපාල හේරත්’ අභියෝග කුසලාන සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහලේ ශෆියුල්ලා අක්‍රම්ද, විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර උසස් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාරද සමත් වූහ.
අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස කොළඹ රාජකීය විදුහල් ජනිත් බටුගෙදර පරාජය කරමින් ශෆියුල්ලා විවෘත පිරිමි ශූරතාවට හිමිකම් කී අතර බිමන්දි විවෘත කාන්තා ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස එලිසබෙත් මෝයර් පාසලේ මාකෙයිලා ප්‍රනාන්දු පරාජය කරමිනි.
විවෘත පිරිමි ශූරතාවට අමතරව වයස අවුරුදු 19 න් පහළ සහ 17 න් පහළ බාලක ශූරතා දිනාගැනීමටද ශෆියුල්ලා සමත් වූ අතර 19 න් පහළ අවසන් මහ තරගයේදී කොළඹ ආනන්ද විදුහලේ රෙහාන් සේනානායකද, 17 න් පහළ අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාෂෝක විදුහලේ හරීන් නිම්දිනුද ශෆියුල්ලා හමුවේ පරාජයට පත්වූහ.
විවෘත කාන්තා ශූරතාව දිනාගත් බිමන්දි බණ්ඩාරට එරෙහිව වයස අවුරුදු 19 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී ජය වාර්තා කිරීමට ගම්පහ සිරි කුරුස විදුහලේ සමල්ෂා දෙව්මි සමත් වූවාය. ඉන් නොනැවතුණු සමල්ෂා වයස අවුරුදු 17 න් පහළ බාලිකා ඉසව්වද ජයගත්තේ අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ලෙසන්යා සෙතුම්දි පරාජය කරමිනි.
කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් කෑගල්ල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගි වූහ. ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ හිටපු සභාපති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්විය.
බාලක තරග ප්‍රතිඵල
■ වයස 11 න් පහළ
කෙනුර සිල්වා (කොළඹ නාලන්දා විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස තාවි සමරවීර (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය) පරාජය කරන ලදි. (11/8, 11/4, 11/5)
■ වයස 13 න් පහළ
යෙනුල් අබේවික්‍රම (කොළඹ ආනන්ද විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස කෙනුල් හංසන (අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය) පරාජය කරන ලදි. (11/3, 11/9, 11/5)
■ වයස 15 න් පහළ
අකේන් බෝජිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) විසින් වට 3-1 ක් ලෙස ඔසඳ උපේක්ෂණ (මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය) පරාජය කරන ලදි. (11/4, 11/8, 8/11, 11/2)
■ වයස 17 න් පහළ
ෂෆියුල්ලා අක්රම් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස හරීන් නිම්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) පරාජය කරන ලදි. (11/1, 12/10, 14/12)
■ වයස 19 න් පහළ
ෂෆියුල්ලා අක්රම් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස රෙහාන් සේනානායක (කොළඹ ආනන්ද විද්‍යාලය) පරාජය කරන ලදි. (12/10, 12/10, 11/5)
බාලිකා තරග ප්‍රතිඵල
■ වයස 11 න් පහළ
චානුකී අක්ෂනා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) විසින් වට 3-1 ක් ලෙස අවීෂා හේරත් (මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය) පරාජය කරන ලදි. (14/12, 11/7, 11/13, 11/8)
■ වයස 13 න් පහළ
නිසදි නිම්තාරා (ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය) විසින් වට 3-2 ක් ලෙස චානුකී අක්ෂනා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) පරාජය කරන ලදි. (2/11, 11/9, 9/11, 11/7, 11/8)
■ වයස 15 න් පහළ
යෝෂිනී ජයවර්ධන (මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය) විසින් වට 3-1 ක් ලෙස මුතුලි සහන්යා (ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය) පරාජය කරන ලදි. (9/11, 11/9, 11/4, 11/7)
■ වයස 17 න් පහළ
සමල්ෂා දෙව්මි (ගම්පහ සිරි කුරුස විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස ලෙසන්යා සේතුම්දී (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) පරාජය කරන ලදි. (11/5, 11/5, 11/7)
■ වයස 19 න් පහළ
සමල්ෂා දෙව්මි (ගම්පහ සිරි කුරුස විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස බිමන්දී බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විද්‍යාලය) පරාජය කරන ලදි. (14/12, 11/4, 11/5)
විවෘත පිරිමි
ෂෆියුල්ලා අක්රම් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය) විසින් වට 3-0 ක් ලෙස ජනිත් බටුගෙදර (කොළඹ රාජකීය විද්‍යාලය) පරාජය කරන ලදි. (11/5, 11/4, 11/5)
විවෘත කාන්තා
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් බාලික විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මාකෙයිලා ප්‍රනාන්දු (එලිසබෙත් මෝයර් පාසල) පරාජය කරන ලදි. (11/1, 11/5, 11/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.