Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 74 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේදී ශූරතා ද්විත්වයක් සහ අනු ශූරතාවක් දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් විය. මෙය 2020 වසරට අදාල ජාතික මේසපන්දු තරගාවලිය වූ අතර එම වසරට අදාල ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ ශූරයා බවට පත්වූයේද සෙනුරය.
පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 4-3 ක් ලෙස විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජයේ ක්‍රිෂාන් වික්‍රමරත්න පරාජය කරමින් සෙනුර පළමු වරට ජාතික මේසපන්දු ශූරයා බවට පත් විය. ඉතා තියුණු මුහුණුවරක් ගත් පිරිමි කේවල අවසන් මහ තරගයේ පළමු (11/9), සිවුවැනි (11/1) සහ හයවැනි (11/5) වට ජය ගැනීමට ක්‍රිෂාන් සමත් වූ අතර දෙවැනි (11/8), තෙවැනි (11/7) සහ පස්වැනි (12/10) වට ජයගැනීමට සෙනුර සමත් විය.
ඒ අනුව වට 6 ක් අවසානයේ ඔවුන් දෙදෙනාම වට 3 බැගින් ජය ලබා සම තත්ත්වයේ පසුවූහ. දෙදෙනාටම තීර්ණාත්මක වූ අවසන් වටයේදී කරට කර සටනකින් අනතුරුව ලකුණු 11/8 ක් ලෙස ක්‍රිෂාන් පරාජය කළ සෙනුර වට 4-3 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තේය.
පිරිමි යුගල ඉසව්වේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ චමීර ගිණිගේ සමග එක්ව තරග වැදුණ සෙනුර, එහි අවසන් මහ තරගයේදී වට 3-0 ක් ලෙස ක්‍රිෂාන් වික්‍රමරත්න සහ මාස් ඉන්ටිමේට්ස් ආයතනයේ නිර්මල ජයසිංහ පරාජය කරමින් එහි ශූරතාව දිනාගත්තේය.
කෙසේ වුවත් මිශ්‍ර යුගල අවසන් මහ තරගයේදී කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හංසනී පියුමිලා හමුවේ වට 3-2 ක් ලෙස පරාජය වීම හේතුවෙන් සෙනුරට සහ කොළඹ කාන්තා විදුහලේ ජිතාරා වර්ණකුලසූරියට එම ඉසව්වේ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූහ.
මෙවර තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුතුමාලි ප්‍රියදර්ශනී සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 4-0 ක් ලෙස (11/4, 14/12, 11/4, 11/5) හංසනී පියුමිලා පරාජය කරමින් ඇය එම ශූරතාවට හිමිකම් කීවාය. මුතුමාලි ජාතික මේසපන්දු ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය විය.
සඹරගමුව විශ්ව විද්‍යාලයේ තෙදිනි තුෂාරා සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මනීෂා සලින්දි මෙවර කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීවේ එහි අවසන් මහ වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය සහ මහනුවර මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූ පරාජය කරමිනි.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 192 දෙනෙක් සහභාගී වූ අතර තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සහ ග්‍රාමීය සහ පාසල් ක්‍රීඩා සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සහභාගි විය.
තරග ප්‍රතිඵල
විවෘත පිරිමි කේවල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 4-3 ක් ලෙස කිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජ) පරාජය කරන ලදි.
විවෘත පිරිමි යුගල
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ චමීර ගිණිගේ (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) විසින් වට 3-0 ලෙස කිෂාන් වික්‍රමරත්න (විද්‍යාර්ථ විදුහල් ආදි ශිෂ්‍ය මේසපන්දු සමාජ) සහ නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස් ආයතනය) පරාජය කරන ලදහ.
විවෘත කාන්තා කේවල
මුතුමාලි ප්‍රියදර්ෂනී (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් තරග වට 4-0 ක් ලෙස හංසනී පියුමිලා (ශ්‍රී ලංකා නාවික හමුදාව) පරාජය කරන ලදි.
විවෘත කාන්තා යුගල
තෙදිනි තුෂාරා (සඹරගමුව විශ්ව විද්‍යාලය) සහ මනීෂා සලින්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය) විසින් තරග වට 3-2 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) පරාජය කරන ලදහ.
විවෘත මිශ්‍ර යුගල
නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ හංසනී පියුමිලා (ශ්‍රී ලංකා නාවික හමුදාව) විසින් තරග වට 3-2 ක් ලෙස සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) සහ ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.