Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ 2 - 1 කින් නවසීලන්ත ‘ඒ’ පිල පරාජය කරති

ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ 2 - 1 කින් නවසීලන්ත ‘ඒ’ පිල පරාජය කරති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත  එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2 - 1 ක් ලෙස ජය ලැබීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 3 ක ජයක් ලැබීය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 275 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 48.3 කදී කඩුලූ 7 දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 178 කට කඩුලූ 5 ක් දැවී අවදානම් තත්ත්වයකට පත්ව සිටියදී රමිත් රඹුක්වැල්ල සහ අෂාන් ප‍්‍රියංජන් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයට ළගාවිය හැකි ස්ථානයකට රැගෙන ආහ.

අෂාන් ප‍්‍රියංජන් පන්දු 40 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් ලබා ජයග‍්‍රහණය දක්වා පිටියේ රැදී සිටියේය.

රමිත් රඹුක්වැල්ල පන්දු 29 කදී හතරේ පහර දෙකක් සහ හයේ පහර තුනක් සමගින් වේගවත් ලකුණු 36 ක් රැස් කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.

මෙම සංචාරයේ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ සාර්ථකම පිතිකරු වන දිමුත් කරුණාරත්න පන්දු 78 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 රැස්කිරීමට සමත් විය. දිමුත් පළමු සිවුදින තරගයේ සිට ශතකයක් සහ අර්ධ ශතක හතරක් (29, 11, 84, 62, 120, 81 සහ 70) සමගින් ලකුණු 457 රැස්කිරීමට සමත්ව තිබේ.

ලකුණු 50 කට කඩුලූ දෙකක් බිද වැටී සිටියදී දිමුත් කරුණාරත්න (70) සහ දිනේෂ් චන්දිමාල් (48) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 135 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමක් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.

පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලබමින් අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් සචිත‍්‍ර සේරසිංහ ලකුණු තුනකට දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු වේගය අඩපණ විය.

කුසල් ජනිත් වේගවත් පිතිහරඹයක් දියත් කරමින් පන්දු 16 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමගින් ලකුණු 25 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ‘ඒ’ ඉනිමේ කඩුලූ හතරක් ලකුණු 30 කට දවා ගැනීමට රමිත් රඹුක්වැල්ල සමත් විය.

කොලින් මුන්රෝ (50) සහ ලූක් රොන්චි (31) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක්  පැවැත්වූහ. මුන්රෝ පන්දු 65 කදී හතරේ පහර සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගත කරමින් ලකුණු 50 ක් රැස් කිරීමට සමත් විය.

සුරංග ලක්මාල් ක‍්‍රියාත්කම වෙමින් අනාරු කිචන් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරිමට සමත් විය.

නවසීලන්ත ‘ඒ’ පිලේ නායක ඇන්ඩෲ එලිස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා පිල නියෝජනය කළ ඉෂාන් ජයරත්නගේ ස්ථානයට මෙම තරගයේදී ශාමින්ද එරංග කැදවා තිබුණි.

ලකුණු පුවරුව 


අදහස් (2)

ශ‍්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රීඩකයෝ 2 - 1 කින් නවසීලන්ත ‘ඒ’ පිල පරාජය කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.