Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය මහනුවර, පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී හෙට (10) දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා පිල මේ වන විට 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ සිටීම නිසා දෙපිලට මෙම තරගය ඉතාමත් වැදගත් වී තිබේ.
ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ලැබුවහොත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය ලැබීමේ අවස්ථාව හිමිවේ. එංගලන්ත මෙම තරගයෙන් ජය ලැබුවහොත් තව දුරටත් තරගාවලිය පිළිබදව බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව තිබේ.
අද පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට සූදානම පිළිබදව මාවන් මෙසේ අදහස් දැක්වීය.
”හම්බන්තොට තරගය අපි හොදට ක‍්‍රීඩා කළේ නෑ. අනතුරුව කොළඹ තරගය ජය ගත්තා. පළමුව මේ තරගය ජය ලබා තරගාවලිය හොදින් අවසන් කිරීම අපේ ඉලක්කයයි”
ශ‍්‍රී ලංකා පිල පසුගිය තරගවලට යොදාගත් දග පන්දු යවන අජන්ත මෙන්ඩිස් කඩුලූ ලබාගත්ත ද එංගලන්ත පිතිකරුවන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම පිළිබදව කළ විමසුමකදී මාවන් මෙසේ පැවසීය.
”එහිදී අජන්ත කළේ විශේෂඥ පන්දු යවන්නකුගේ කටයුත්තයි. ඕවර 40 පසුව වේගයෙන් ලකුණු රැස්කරන විට පන්දු යැවීමේ අමාරු කටයුත්තට අපි අජන්තම යොදා ගත්තා. මීට පෙර ලසිත් මාලිංග සහ නුවන් කුලසේකර කළ අමාරු කාර්ය එහිදී අජන්ත කළා. එහිදී ලකුණු ටිකක් ගියා තමයි නමුත් අජන්ත අවශ්‍ය අවස්ථාවේදී සාර්ථකව පන්දු යැව්වා”
එංගලන්ත පිල නියෝජනය කරමින් ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවට සහභාගි වූ එංගලන්ත ඉදිරි පෙළ පිතිකරු ජෝ රූට් පැවසුවේ මෙම තරගයේදී උපරිම දස්කම් දැක්වීමට සූදානම් බවයි.
‘‘මෙම තරගය අපි ජය ලැබිය යුතුමයි. මෙහිදී තරගාවලිය රැක ගැනීමට තිබීම නිසා පීඩනය අපිට යොමුවී තිබෙනවා. අපි සෑම තරගයක්ම හොදින් ක‍්‍රීඩා කළා වගේම මේ තරගයත් හැකි උපරිමයෙන් ක‍්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා”
”මෙම ක‍්‍රීඩාංගණයේ තත්ත්වය කොළඹට වඩා වෙනස්. ඒ නිසා කණ්ඩායම පිළිබදව දැන් කියන්න බෑ. ලෝක කුසලාන තරගාවලිය ආසන්න වී තිබෙන නිසා තරගාවලිය හොදින් අවසන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව” යැයි ජෝ රූට් වැඩි දුරටත් පැවසීය.
හම්බන්තොටදී පැවැති තරගයේදී මන්දගාමීව ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීම නිසා තරගයක තහනමකට ලක්වූ එංගලන්ත නායක ඇලිසටෙයාර් කුක් අද තරගයට ක‍්‍රීඩා කරයි.
මෙම තරගය ශ‍්‍රී ලංකාව ජය ලැබුවහොත් ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන්, මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී සහභාගි වන අවසන් එක්දින තරගය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මෙම තරගයෙන් පසුව අවසන් වන අතර අනතුරුව හයවැනි සහ හත්වැනි තරග ස`දහා නව සංචිතයක් නම් කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකාව අද තරගයෙන් ජය ලබා 4-1 ක් ලෙස තරගාවලියේ ජය ලබන බැවින් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විවේක ගන්වා නවක ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පල්ලෙකැළේ ප‍්‍රදේශයට පසුගිය සතියේ වර්ෂාවක් ඇද හැලූණ ද පසුගිය දින දෙකේ වර්ෂාව නොලැබුණි. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ වර්ෂාව ලැබෙනු ඇති බවට ඉගි පළවූ බැවින් ක‍්‍රීඩාංගණය ආවරණය කිරීමට සූදානම් කර තිබුණි.
මෙම තරගයට ද අතිරේක දිනයක් වෙන්කර ඇති අතර වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් අනිද්දා (11) නැවත තරගය පැවැත්වේ.
ශී‍්‍ර ලංකා එක්දින සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, අෂාන් පි‍්‍රයංජන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් රංගික, ධම්මික ප‍්‍රසාද්, සුරංග ලක්මාල්, තිසර පෙරේරා, ළහිරු ගමගේ සහ අජන්ත මෙන්ඩිස්
එංගලන්ත එක්දින සංචිතය:
ඇලෙස්ටියාර් කුක් (නායක), මුයින් අලී, ඉයන් බෙල්, ජෝස් බට්ලර්, ස්ටීව් ෆින්, ක‍්‍රිස් ජෝර්දන්, එඔයින් මෝගන්, ජෝ රූට්, බෙන් ස්ටෙකිස්, ජේම්ස් ටේරඞ්වෙල්, ක‍්‍රිස් වෝක්ස්, ජේම්ස් ඇන්ඩසන්, රවී බොපරා, හැරී ගානී, ඇලෙක්ස් හේල්ස්, ජේම්ස් ටේලර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.