Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිමමත ලිස්සා යෑමට ගොස් වැටී බරපතල අනතුරකට මුහුණ දුන් ‘ෆෝමියුලා ,’ මෝටර් රථ ශූර මයිකල් ෂූමාකර්ගේ වෛද්‍ය වාර්තා සොරකම් කර ඇතැයි ඔහුගේ කළමනාකරුවෝ කියති.
මයිකල් ෂූමාකර් ඉකුත් දෙසැම්බර් 29 වැනිදා අනතුරට ලක් වූ අතර පැරිසියේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගියදා (16) රෝහලෙන් පිටවී ගියේය.
ඔහුගේ වෛද්‍ය වාර්තා සොරකම් කර ඇතැයි අනාවරණය වී ඇත්තේ මයිකල් ෂූමාකර්ගේ වෛද්‍ය වාර්තා යැයි සඳහන් වාර්තා වගයක් විකිණීමට ඇතැයි වාර්තා වීමත් සමඟය. කෙසේ වෙතත් මයිකල් ෂූමාකර්ගේ ප‍්‍රකාශිකාවක සඳහන් කළේ විකීණීමට ඇති වාර්තා සත්‍ය වාර්තාමදැයි නිශ්චිත නැති නමුත් ෂූමාකර්ගේ වෛද්‍ය වාර්තා අස්ථානගත වී ඇති බව ස්ථීර බවයි.
ඇය තවදුරටත් සඳහන් කළේ ෂූමාකර්ගේ වෛද්‍ය වාර්තා අස්ථානගත වීමට එරට බලධාරීන්ද සම්බන්ධ බවත් මෙම වාර්තා පෞද්ගලික වාර්තා බැවින් ප‍්‍රසිද්ධ නොවිය යුතු බවත්ය.
45 හැවිරිදි ෂූමාකර් ජර්මන් ජාතිකයෙකි. ඔහු අනතුරට ලක් වූයේ ඉකුත් දෙසැම්බර් 29 වැනිදා, ප‍්‍රංශයේ ඇල්ෆ් කඳුකරයේදී හිම මත ලිස්සා යාමට ගිය අවස්ථාවේදීය. එම අනතුරින් ඔහුගේ හිසට බරපතල හානි සිදු වූ හෙයින් ඔහු දීර්ඝ කාලයක් සිහිසුන් තත්ත්වයක සිටියේය.
ෂූමාකර් රෝහලෙන් පිටවූයේ ද ගිලන් ඇඳකිනි. ඔහුට තවමත් සම්පූර්ණයෙන්ම පියවි සිහිය ලැබී නැති බවත්, පවුලේ අයගේ රැකවරණ යටතේ දිගටම සිටීමට සිදුවනු ඇති බවත් ප‍්‍රංශ වෛද්‍යවරු පවසති. කෙසේ නමුත් වෛද්‍යවරුන් වැඩි දුරටත් පවසා ඇත්තේ ෂූමාකර් වේදනාත්මක උත්තේජනයකට, ආලෝකයට හෝ ශබ්දයට ප‍්‍රතිචාර දක්වන ගැඹුරු නින්දෙන් (කෝමා) තත්ත්වයෙන් මිදී සිටින බවය.
055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.