Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෂෙහාන්, කුසල් හොඳ පිළිතුරකට සැරසෙති

ෂෙහාන්, කුසල් හොඳ පිළිතුරකට සැරසෙති

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාස හයකට පසු පළමු පෙළ තරගයකට පිවිසි ප‍්‍රසන්න ජයවර්ධන (නොදැවී 105) තමන්ට සුපුරුදු ඉවසිලිවන්ත පිතිහරඹයේ යෙදෙමින් ලබාගත් ශතකය නිසා සංවර්ධන සංචිත කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු පෙළ තරගයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 575 ක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකා පිලේ පන්දු යවන්නන්ට සාර්ථක පිළිතුරක් දීම ඇරඹූ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ශෙහාන් ජයසූරිය (නොදැවී 56) සහ කුසල් ජනිත් (නොදැවී 70) තරගයේ දෙවැනි දිනය වූ අද (9 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සංවර්ධන සංචිත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කිසිවකු නොදැවී 129 ක් දක්වා ඉහළ දමා තිබිණ.

මුල් දිනය වූ ඊයේ තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල කඩුලූ 4 කට ලකුණු 352 ක් ලබා සිටි අතර ඊයේ දිනයේදී යැවුණු  ඕවර 58 කදී ලකුණු 223 ක් ලබාගැනීමට ප‍්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ නුවන් කුලසේකර ඇතුළු පසුපෙළ පිතිකරුවෝ සමත් වූහ.

තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ නුවන් කුලසේකර, ලකුණු 75 ක් ලබාගත්තේ පන්දු 90 කිනි. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් කුලසේකරගේ ඉනිමට ඇතුළත් විය. පන්දු 39 කට මුහුණ දුන් තිසර පෙරේරා හතරේ පහර 6 ක් සමග වේගවත් ලකුණු 32 ක් ලබාගත්තේය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ප‍්‍රසන්න ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාගේ එකතුව බිඳ දමන්නට ශමින්ද එරංග සමත් විය. එහෙත් තිසර පෙරේරා සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කළ ප‍්‍රසන්න ජයවර්ධන, පසුව නුවන් කුලසේකර සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 123 ක් එක් කළේය.

පන්දු 221 කට මුහුණ දෙමින් ලකුණු 105 ක් ලබාගත් ප‍්‍රසන්න ජයවර්ධනගේ අපරාජිත ඉනිම හතරේ පහර 7 කින් සහ හයේ පහර දෙකකින් සමන්විත විය.

 

ලකුණු පුවරුව


අදහස් (0)

ෂෙහාන්, කුසල් හොඳ පිළිතුරකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.