Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිංගර් ලීග් පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

සිංගර් ලීග් පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පීරිස් මහතා විසින් පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව.

 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර් කුසලාන’ ලීග් රග්බි තරගාවලියේ පළමු සතිය යටතේ තරග රැසක් මෙම සති අන්තයේ පැවැත්වේ.

තරගාවලියට දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් කාණ්ඩ තුනක් යටතේ පාසල් 80 ක් පමණ සහභාගි වෙයි. මෙවර තරගාවලියේදී තරග 300 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිත බව පාසල් රග්බි සංගමය පවසයි.

මෙවර ද සිංගර් සමාගම අනුග‍්‍රහය දක්වන අතර එම සමාගම වසර 10 කට අධික කාලයක සිට මෙම තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. ඊට අමතරව සිංගර් සමාගම මෙම තරගාවලියට සහභාගි වන පාසල් රැසකට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

 


මෙම සතියේ තරග

21 වැනිදා - කිංග්ස්වුඞ් විදුහල සහ වෙස්ලි විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී
21 වැනිදා - ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර සී. ආර්. පිටියේදී
22 වැනිදා - ඉසිපතන විදුහල සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී
22 වැනිදා - මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ධර්මරාජ විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී

 


ඡායාරූපය: කිත්සිරි ද මෙල්

 


අදහස් (0)

සිංගර් ලීග් පාසල් රග්බි තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.