Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සිංගර් - සන්ඬේ ටයිම්ස් වසරේ රග්බි ක්‍රීඩකයා තෝරයි

සිංගර් - සන්ඬේ ටයිම්ස් වසරේ රග්බි ක්‍රීඩකයා තෝරයි

රොෂාන් ගුණරත්න - 2017 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් වන ‘ද සන්ඬේ ටයිම්ස්’ සහ පාසල් රග්බි සංගමයේ ප්‍රධාන අනුග්‍රහකයා වන ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම එක්ව ක්‍රියාත්මක කරන ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීමේ තරගය මෙම සති අන්තයෙන් ආරම්භ වේ. පාසල් රග්බි සංගමයේ සංවිධානයෙන් දැන් පැවැත්වෙන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන පාසල්වල ක්‍රීඩකයන්ගෙන් වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා තේරීම් අවස්ථාව මෙහිදී පාඨකයන්ට හිමිවේ.


මෙම 23 වැනිදා සිට සති 15 ක් මෙම තරගය ක්‍රියාත්මක වන අතර ලබන ජූලි මස 30 වැනිදා අවසන් වීමට නියමිතය.


විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශන වන ‘ඬේලි මිරර්, ‘දිනපතා ලංකාදීප’ සහ ‘අද’ යන පුවත්පත්වල මෙම තරගයේ කූපන සති 15 ක් පළවේ. කූපන් තුළින් ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම රග්බි ක්‍රීඩකයා සහ ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම තෝරා ගැනීමට නියමිතය.


මෙම තරගයට සමගාමිව ස්වාධීන විනිසුරු මඩුල්ලකගේ නිර්දේශ මත වසරේ ‘සිංගර් - සන්ඬේ ටයිම්ස්’ වසරේ දක්‍ෂතම රග්බි ක්‍රීඩකයා, දක්‍ෂතම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක්‍රීඩකයා සහ වසරේ දක්‍ෂතම ප්‍රවර්ථකයා යන ක්‍රීඩකයන් තේරීමට නියමිතය.


මෙහි සම්මාන උළෙල ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අතර එහිදී දක්‍ෂතම ක්‍රීඩකයන්ට ත්‍යාග ප්‍රදාන කිරීමට නියමිතය.


පුවත්පත්වල පළවන කූපන සම්පූර්ණ කර ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00 ට පෙර විජය පුවත්පත් සමාගමට බාර දිය යුතුය.
පාසල් වර්ගීකරණය


පළමු කොටස 1 ඒ:

කොළඹ රාජකීය විදුහල, ඉසිපතන විදුහල, මරදාන ශාන්ත ජෝශප් විදුහල, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල


පළමු කොටස 2 ඒ:

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විදුහල, මරදාන සහිරා විදුහල, වෙස්ලි විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල


1 බී කාණ්ඩය:

ලුම්බිණි විදුහල, තර්ස්ටන් විදුහල, පිළියන්දල මැදි විදුහල, ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල සහ කොළඹ මහානාම විදුහල


2 බී කාණ්ඩය: :

මහනුවර විද්‍යාර්ථ විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, කොළඹ ආනන්ද විදුහල, මහනුවර කිංස්වුඞ් විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල


1 සී කාණ්ඩය:

ගාල්ල රිච්මන්ඞ් විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කොළඹ වේඵවන විදුහල, ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලය, ගාල්ල මහින්ද විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල


2 සී කාණ්ඩය:

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, කොළඹ නාලන්දා විදුහල, පානදුර රාජකීය විදුහල, මොරටු මහ විදුහල, කේරී විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල


දෙවැනි කොටස 1 ඒ:

ගම්පහ බණ්ඩාරනායක විදුහල, තල්දූව බෞද්ධ මහ විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, මහරගම ජනාධිපති විදුහල, නාවල විදුර විදුහල සහ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල


දෙවැනි කොටස 2 ඒ:

නුගෙවල මධ්‍ය විද්‍යාලය, පාදුක්ක සිරි පියරත්න විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල


දෙවැනි කොටස 3 ඒ:

කොළඹ අශෝක විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කළුතර මහ විදුහල, කොළඹ ශාන්ත තෝමස් කනිෂටඨ විදුහල සහ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල

 - 048

 


අදහස් (0)

සිංගර් - සන්ඬේ ටයිම්ස් වසරේ රග්බි ක්‍රීඩකයා තෝරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.