Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගක්කාරගේ පිත්ත එංගලන්තයේදීත් හොඳින් වැඩ

සංගක්කාරගේ පිත්ත එංගලන්තයේදීත් හොඳින් වැඩ

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

එංගලන්තයේ අන්තර් ප‍්‍රාන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ඩරම් පිල සහ සසෙක්ස් පිල අතර හෝවේහි ඊයේ (14) අවසන් වූ තරගයේදී ඩරම් පිල නියෝජනය කරන ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ලකුණු 159 ක් රැස් කිරීමට සමත් විය.

සංගක්කාරගේ ශතකය නිසා ඩරම් පිලට තරගය ජයපරාජයකින් තොරව අවසන් කිරීමේ අවස්ථාව හිමිවිය. මෙම ශතකය 36 හැවිරිදි සංගක්කාරගේ 47 වැනි පළමු පෙළ ශතකයද වේ.

විනාඩි 365 ක් කඩුල්ලේ රැදී සිටි සංගක්කාර පන්දු 267 කදී ලකුණු 159 ක් රැස් කරමින් ඩරම් ඉනිමේ එකම ශතක ලාභියා බවට පත්විය. සංගක්කාරගේ මෙම ඉනිම හතරේ පහර 18 කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය. ඩරම් පිලේ එකම නම්දැරූ ක‍්‍රීඩකයා වන්නේ එංගලන්ත පිලේ හිටපු නායක පෝල් කොලින්වුඞ්ය.

සිවුදින තරගයක් වන මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් සසෙක්ස් පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 505 ක් රැස් කළේය. එහිදී ලූක් රයිට් (189) සහ බෙන් බ‍්‍රවුන් (163) ශතක රැස්කිරීම කැපී පෙනුණි. තරගය අවසන් වන විට ඩරම් පිල පළමු ඉනිම සදහා කඩුලූ 7 ක් දැවී ලකුණු 451 ක් ලබා සිටියේය.

සංගක්කාර ඩරම් පිලට වෙනුවෙන් තරග කීපයකට සහභාගි වී ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක්වීමට නියමිතය.

048


අදහස් (8)

සංගක්කාරගේ පිත්ත එංගලන්තයේදීත් හොඳින් වැඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.