Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්දු 45 කින් නොදැවී ලකුණු 74 ක් ලබාගත් කුමාර් සංගක්කාරගේ ඉනිම නිසා බටහිර ඉන්දීය දූපත් සමූහයේදී පැවැත්වෙන සී.පී.එල්. තරගාවලියේදී ශාන්ත ලුසියා පිලට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් ලබාගැනීමට ජැමෙයිකානු තලවාස් පිල සමත් විය.
වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන ජැමෙයිකාවේ සබීනා උද්‍යාන පිටියේදී පැවැති මෙම තරගයේදී ලකුණු 172 ක ඉලක්කයක් කරා ගිය ජැමෙයිකානු පිල ඕවරයක් ඉතිරිව තිබියදීම සිය ඉලක්කය පසුකර ගියේය.
ජැමෙයිකානු පිල තරග 7 කදී ලද පස්වැනි ජයග්‍රහණය මෙයයි. මෙම ජයත් සමගින් ජැමෙයිකානු තලවාස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය තහවුරු කරගත්තේය.
අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි සංගක්කාර උඩ පන්දු දෙකකින්ම වාසනාව ලබමින් ඇන්ඩි්‍ර මැකාති සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ජැමෙයිකානු පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
තරගයේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 6 දී ලකුණු 58 ක් රැස්කරගත යුතුව තිබුණද ජෙරම් ටේලර් විසින් යවන ලද 15 වැනි ඕවරයේදී ලකුණු 18 ක් උදුරා ගැනීමට සංගක්කාර සහ මැකාති සමත් වූහ. එතැන් සිට පැවැති අභියෝගය වූයේ පන්දු 30 කින් ලකුණු 40 ක් ලබාගැනීමයි.
පන්දු 32 කින් ලකුණු 36 ක් ලබාගත් මැකාති 16 වැනි ඕවරයේ පළමු පන්දුවේදීම දැවී ගිය නමුත් සංගක්කාර නොසැලී ඉදිරියට ගියේය. මෙම තරගාවලියේදී සිය පළමු අර්ධ ශතකය පන්දු 35 කදී ලබාගත් නායකයා හතරේ පහරකින් ජයග්‍රාහී ලකුණු ලබාගන්නා විට විට හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
ශාන්ත ලුසියා ස්ටාර්ස් - ඕවර 20 කදී කඩුලු 8 ට 172 යි
(ෂේන් වොට්සන් 80, ජොන්සන් චාල්ස් 20, ගැරී මතුරින් 26/2, ක්‍රිෂ්මාර සැන්ටොකි 33/2)
ජැමෙයිකා තලවාස් - ඕවර 19 කදී කඩුලු 4 ට 176 යි
(කුමර් සංගක්කාර නොදැවී 74යි, ඇන්ඩි්‍ර මැකාති 36, රකීම් කොන්වෝල් 20/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.