Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන කුමර් සංගක්කාර සමත්ව සිටියි. සුල්තාන්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 5 කට සහභාගි වූ සංගක්කාර ඉනිම් 4 කදී අර්ධ ශතක 3 ක්ද සමගින් මේ වන විට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 177 කි.
පේෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 57 ක්ද, ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 63 ක්ද, කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී නොදැවී ලකුණු 57 ක්ද රැස්කිරීමට සංගක්කාර සමත් වූ අතර එම තරග තුනේදීම සුල්තාන්ස් කණ්ඩායමට ජය හිමිවිය. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය සටහන් වූයේ 59.00 ක් ලෙසිනි.
පේෂාවර් සල්මි කණ්ඩායමේ ඞ්වේන් ස්මිත් තරග 5 කදී ලකුණු 148 ක් ලබා වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ෂේන් වොට්සන් තරග 5 කදී ලකුණු 146 ක් ලබා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
සංගක්කාරගේ කණ්ඩායමේම සාමාජිකයෙක් වන ඉම්රාන් තාහිර් තරග 5 කදී කඩුලු 10 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණ සිටියි. ලාහෝර් කොලෑන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කට කඩුලු 3 ක්ද, ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 3 ක්ද, කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 කට කඩුලු 3 ක්ද දවාගැනීමට තාහිර් සමත් විය. කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදී ඔහු ලබාගත්තේ කඩුලු ත්‍රිත්වයකි.
ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායමේ මොහොමඞ් සාමි තරග 4 කදී ලකුණු 7 ක්ද, මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමේ ජුනේඞ් ඛාන් තරග 5 කදී කඩුලු 7 ක්ද බිඳහෙළමින් පිළිවෙලින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවෙති.
තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉමාඞ් වසීම් නායකත්වය දරන කරච්චි කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති කරච්චි කිංග්ස් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගෙන ඇති අතර ඉතිරි තරගය විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම තරග 5 කට සහභාගි වී තරග 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටද, පේෂාවර් සල්මි කණ්ඩායම තරග 5 කට සහභාගි වී තරග 2 ක් ජයගෙන එහි තෙවැනි ස්ථානයටද පත්ව සිටියි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.