Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගේ සංදර්ශනය ශී‍්‍ර ලංකාවට ජය ගෙනේ

සංගාගේ සංදර්ශනය ශී‍්‍ර ලංකාවට ජය ගෙනේ

ශනුක අරවින්ද - 2014 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 19 Comment
A A A

 

කුමාර් සංගක්කාරගේ (103) අලංකාර ශතකය නිසා ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකා පිල කඩුලූ 2 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය. මෙම තරගය බංග්ලාදේශයේ ෆාටුල්ලාහි, ඛාන් ශහීබ් ඔස්මාන් අලී ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැත්විණ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 265 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49.2 කදී කඩුලූ 8 ක් දැවී සම්පූර්ණ කළහ.

කුමාර් සංගක්කාර පිටියේ අන්තයක් ආරක්‍ෂා කර ගනිමින් පන්දු 84 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 103 ක් ලබා සිටියදී මොහොමඞ් සමී යැවූ පන්දුවකින් දැවී ගියේය. සංගක්කාර දැවී ගිය පන්දුව ඔහුගේ ඉනට ඉහළින් යැවුණු, නීති විරෝධී එකක් බවට ඉදිරිපත් වූ අදහස පිළිබඳව සලකා බැලූ විනිසුරුවරු අවසානයේදී එය නීත්‍යානුකූල පන්දුවක් වශයෙන් තීරණය කළහ.

සිය 18 වැනි එක්දින ශතකය රැස්කළ කුමාර් සංගක්කාර තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.  

 ඕවර 31 ක් නිමාවේදී කඩුලූ 2 කට ලකුණු 148 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කිසිදු තර්ජනයකින් තොරව ජයග‍්‍රහණය කරා පියමං කරමින් සිටියේය. එහෙත් රවින්ද්‍ර ජදේජා යැවූ ඉනිමේ 32 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී මහේල ජයවර්ධන (09) දැවී ගිය අතර ඊළග පන්දුවේදී දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී යෑමත් සමග ලකුණු පුවරුව 148 කට කඩුලූ 4 ක් ලෙස වෙනස් විය.

කුමාර් සංගක්කාර ලකුණු 30 ක් ලබා සිටියදී රවින්ද්‍ර ජදේජා යැවූ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාව කඩුලූ රකින දිනේෂ් කාර්තික් වෙතින් ගිලිහී යෑම ඉන්දීය පරාජයේ හැරවුම් ලක්‍ෂය බවට පත්විය.  

කුසල් පෙරේරා පන්දු 81 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය. මෙය කුසල්ගේ තෙවැනි එක්දින අර්ධ ශතකයයි. ළහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා ලකුණු 80 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් දැමූහ.  

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ශීකර් ධවාන් පන්දු 114 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 94 ක් රැස් කළේය.

අජන්ත මෙන්ඩිස් යැවූ ඉනිමේ 49 වැනි  ඕවරයට හයේ පහර දෙකක් සමගින් ලකුණු 14 ක් එකතු වීමෙන් ඉන්දීය පිලට තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා ඒමට අවස්ථාව උදාවිය. අජන්ත මෙන්ඩිස් ලකුණු 60 කට කඩුලූ 4 ක් ද, සචිත‍්‍ර සේනානායක ලකුණු 41 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් වූහ.  

විරාට් කෝලි ලකුණු 19 ක් ලබා සිටියදී චතුරංග ද සිල්වාගේ පන්දුවකට ස්ටම්ප් කිරීමට හසුව දවාගැනීමේ අවස්ථාවක් තිබුණ නමුත් තෙවැනි විනිසුරු දිගු කාලයක් ලබා ගනිමින් එය දැවී නොගිය අවස්ථාවක් ලෙස තීරණය කළේය.  

ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.

පාකිස්තානු පිලට එරෙහිව තරගයට සහභාගි වූ වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ස්ථානයට මේ තරගයේදී පිට දග පන්දු යවන අජන්ත මෙන්ඩිස් කැඳවා තිබුණි.

බංග්ලාදේශ පිලට එරෙහිව තරගයේදී බීමර් පන්දු යැවීමෙන් පන්දු යැවීමෙන් ඉවත් කළ ඉන්දීය වේග පන්දු යවන වරුන් ඒරන්ගේ ස්ථානයට ස්ටුවට් බෙනී මේ තරගයේදී ක‍්‍රීඩා කරයි.  

 

ලකුණු පුවරුව

තරගයේ තවත් සේයා රූ මෙතැනින්...

- 048

 


අදහස් (19)

සංගාගේ සංදර්ශනය ශී‍්‍ර ලංකාවට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.