Last Update  :  2025-04-21 20:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගේ සරේ පිලේ ස්ථානය කෝලිට

සංගාගේ සරේ පිලේ ස්ථානය කෝලිට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ‘සරේ’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුම හේතුවෙන් එළඹෙන ජූනි මාසයේ ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයට ඔහුට සහභාගී වීමට නොහැකි වනු ඇත.

“ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට දිගු කලක් තිස්සේ මගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණා. මට දුන් අවස්ථාව පිළිබඳ ඇලෙක් ස්ටුවර්ට් මහතාට සහ සරේ කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. කියා ඕවල් වෙත යන තුරු මට ඉවසිල්ලක් නැහැ” යයි කෝලි පවසා සිටියේය.

මීට පෙර සරේ පිලේ විදේශීය ක්‍රීඩකයා වූයේ කුමාර් සංගක්කාරයි. එහෙත් පසුගිය (2017) එංගලන්ත ගිම්හානය නිමා වීමත් සමගම කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් දිවියෙන් සමුගැනීම නිසා සරේ පිලට විදේශීය ක්‍රීඩකයකුගේ අවශ්‍යතාව ඉස්මතු විය.

“ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ විශාලතම නමක් අපේ ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට එක්වීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා” යයි සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක් ස්ටුවර්ට් මහතා කියා සිටියේය.

විරාට් කෝලි සමග ක්‍රීඩා කිරීම හා පුහුණු වීම මගින් සරේ ක්‍රීඩකයන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි බවද ඔහු තව දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකේ පසුවන විරාට් කෝලි ටෙස්ට් තරග 66 කදී ලකුණු 5554 ලබා සිටී. එක්දින තරග 208 කදී ශතක 35 ක් සමගින් ලකුණු 9588 ලබා ඇත්තේ, 58.10 ක ලකුණු වේගයක්ද රඳවා ගනිමිනි.

ජූලි මාසයේ ආරම්භ වන එංගලන්තය හා ඉන්දියාව අතර තරගාවලියට ටෙස්ට් තරග 5 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි 20 තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලිය එංගලන්තයේදී පැවැත්වෙන්නකි.

 

 - 024

 


අදහස් (0)

සංගාගේ සරේ පිලේ ස්ථානය කෝලිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.