Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව සාජා ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් විය. සුල්තාන්ස් කණ්ඩායම මෙම තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර එම තරග තුනේදීම සංගක්කාර අර්ධ ශතක ලබාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 103 ක ඉලක්කයක් හඹාගිය මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සුල්තාන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ සංගක්කාර පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් ජයග්‍රහණය නියමුවා බවට පත්විය.
අහමඞ් ශේෂාඞ් (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, ඉන් නොනැවතී සොහේබ් මක්සූද් (නොදැවී 26) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සුල්තාන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ශේෂාඞ් හතරේ පහර 3 ක් සමගින්ද, මක්සූද් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කුවේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඕවර 15.4 ක් අවසානයේ ලකුණු 102 කට සීමා කිරීමට සොහේල් තන්වීර් සහ ඉම්රාන් තාහිර් ප්‍රමුඛ සුල්තාන්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ තන්වීර් ලකුණු 14 කට ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් තිදෙනෙක් දවාගත් අතර තාහිර් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය.
ග්ලැඩියේටර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක සෆ්රාස් අහමඞ් පන්දු 33 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළේය. එහෙත් පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑම ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශාල පාඩුවක් විය.
කුවේටා ග්ලැඩියේටර්ස් පිල - ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 102
(ෂේන් වොට්සන් 19, සෆ්රාස් අහමඞ් 30, මහමදුල්ලා රියාද් 15, සොහේල් තන්වීර් 14/3, ඉම්රාන් තාහිර් 19/3, ජුනේඞ් ඛාන් 9/2)
මුල්තාන් සුල්තාන්ස් පිල - ඕවර 16.4 කදී කඩුල්ලක් දැවී 108
(කුමාර් සංගක්කාර නොදැවී 51 සොහේබ් මක්සූද් 27, අහමඞ් ශේෂාඞ් නොදැවී 26)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.