Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගේ සුල්තාන්ස් පිල පෙරමුණට එයි

සංගාගේ සුල්තාන්ස් පිල පෙරමුණට එයි

Nisanka Sandeepani - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන් සුපර් ලීග් විස්සයි20 තරගාවලියේ 16 වැනි තරගය ලෙස පේෂාවර් සල්මි කණ්ඩායමට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සමත් විය. එම ජයග්‍රණයත් සමග මුලු ලකුණු 9 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද සුල්තාන්ස් කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 184 ක ඉලක්කයක් හඹාගිය පේෂාවර් සල්මි කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 164 කට සීමා කිරීමට සුල්තාන්ස් වේග පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ සොහේල් තන්වීර් සහ කිරන් පොලාඞ් පිළිවෙලින් ලකුණු 14 කට සහ ලකුණු 37 කට කඩුලු 3 බැගින් දවාගත්හ. මොහොමඞ් ඉර්ෆාන් කඩුලු 2 ක් දවාගත්තේ ලකකුණු 32 ක් ලබා දෙමිනි. 

නායක මොහොමඞ් හෆීස් පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළද, එය පේෂාවර් කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. එහිදී ලයෑම් ඬේව්සන් හයේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක්ද, රිකී වෙසෙල්ස් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 22 ක්ද රැස්කිරීමට සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ සොහේබ් මක්සූද් පන්දු 42 කදී නොදැවී ලකුණු 85 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. අහමඞ් ශේෂාඞ් (37) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මක්සූද් සමත් විය. 

සුල්තාන්ස් කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදුන් කුමාර් සංගක්කාර (28) සහ අහමඞ් ශේෂාඞ් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 24 කට මුහුණදුන් සංගක්කාර හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සිය ඉනිම අලාංකාර කළ අතර ශේෂාඞ්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. 

මුල්තාන් සුල්තාන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 183 
(කුමාර් සංගක්කාර 28, අහමඞ් ශේෂාඞ් 37, ෂොයිබ් මක්සූද් නොදැවී 85, කිරන් පොලාඞ් නොදැවී 16) 

පේෂාවර් සල්මි පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 164 
(ඞ්වේන් ස්මිත් 18, මොහොමඞ් හෆීස් 56, රිකී වෙසෙල්ස් 22, ලයෑම් ඬේව්සන් 32, සොහේල් තන්වීර 14/3, කිරන් පොලාඞ් 37/3, මොහොමඞ් ඉර්ෆාන් 32/2) 

-036 


අදහස් (0)

සංගාගේ සුල්තාන්ස් පිල පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.