Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ හිටපු නායක සකිබ් අල් හසන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානම් වෙයි. ක්‍රිකට් පිටියේදී ඇතිවූ විවාද සම්පන්න සිදුවීම් රැසකටම මූලිකයා වූ සකිබ් අල් හසන්, තමන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර ඔක්තෝබර් මාසයේදී මිර්පූර් නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවත්, තමන් දැනටමත් සිය අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කර ඇති බවත් කාන්පූර් නුවරදී සකිබ් අල් හසන් පැවසීය.
බංග්ලාදේශයේ දැනට පවතින නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් බියක් ඇතැයි සකිබ් අල් හසන් පැවසීය.
හිටපු ජනාධිපතිනි ෂීක් හසීනා සියාගේ ‘අවාමි ලීග්’ පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සකිබ් අල් හසන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.
“බංග්ලාදේශයට ආපහු යන එක ප්‍රශ්නයක් නෙමේ. ඒත් මම එහාට ගියාට පස්සේ බංග්ලාදේශයෙන් යන එක ප්‍රශ්නයක්” යයි සකිබ් අල් හසන් අද ඉන්දියාවේ කාන්පූර් නුවරදී මාධ්‍ය නියෝජිතයන් හමුවේ පැවැසීය. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා සකිබ් අල් හසන් ඉන්දියාවට ගොස් සිටී.
සකිබ් අල් හසන් වැඩිදුරටත් කියා ඇත්තේ 2025 පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලිය තමන්ගේ අවසන් එක්දින තරගාවලිය වන බවයි.
ලබන (ඔක්තෝබර්) මාසයේදී බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර බංග්ලාදේශයේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතය. මෙම තරාගවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ස්ථිර කිරීමක් නැතත්, දකුණු අප්‍රිකානු නියෝජිතයෝ බංග්ලාද්ශයේ කළ සංචාරයකින් පසුව තරගාවලිය එහි පැවැත්වීමට කැමැත්ත පළකර තිබේ.
සකිබ් අල් හසන් බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩා කළ අන්තර්ජාතික තරග සංඛ්‍යාව 446 කි. ටෙස්ට් තරග 70 ක්, එක්දින අන්තර්ජාතික තරග 247 ක් සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 129 ක් ඊට ඇතුළත් වෙයි. අන්තර්ජාතික ලකුණු 10,000 ක් සහ අන්තර්ජාතික කඩුලු 500 ක් ඉල්මවා ලබාගෙන සිටින සකිබ්, මෑත කාලයේදී ලෝකයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයක්ගෙන් අයකු ලෙසින් සැලකෙයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.