Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීම සඳහා නම් කරනු ලැබ සිටි තුන් ඉරියවු ක්‍රීඩක සකීබ් අල් හසන් තරගාවලියෙන් ඉවත්වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින සකීබ් තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොසිටියද, බංග්ලාදේශ තේරීම් කමිටුව ඔහුව නිදහස් කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගත්තේ තරගයකට, දෙදෙකට හෝ ක්‍රීඩා කිරීමට ඔහුට හැකි වේ යැයි බලාපොරොත්තුවෙනි.
කෙසේ වුවත් එම ආබාධ තත්ත්වය නිසා තවමත් ඔහු පුහුණුවීම් ආරම්භ කර නොමැති බවත්, පූර්ණ සුවය ලැබීම පෙර ක්‍රීඩා කිරීමෙන් ඔහුගේ අබාධ තත්ත්වය තවත් උග්‍ර විය හැකි යැයි වෛද්‍යවරුන් පැවසූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරයි.
ඒ හේතුවෙන් තවත් කෙටි කාලයක් සකීබ්ට විවේක ලබාදීමටත්, ඔහුගේ හිඩැස පිරවීම සඳහා මැද පෙළ පිතිකරු ලිටන් දාස් බංග්ලාදේශ සංචිතයට කැඳවීමටත් එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
සකීබ් සහභාගි නොවීම නිසා අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවූ මහමදුල්ලා රියාද්, නිදහස් කුසලාන තරගාවලියේදීද බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.