Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සචිනි විවෘත චෙස් ශූරතාව දිනාගනී

සචිනි විවෘත චෙස් ශූරතාව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි චෙස් ක‍්‍රීඩක සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සිව්වන චෙස් තරගාවලියේ විවෘත කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවේ සචිනි රණසිංහ විසින් දිනා ගන්නා ලදී. විවෘත පිරිමි අංශයේ ශූරතාව ඉන්දියාවේ පී. කර්තිකේයන් දිනාගත්තේය.

අම්බලන්ගොඩ මුදළිඳු තෝමස් ද සිල්වා අනුස්මරණ ශ‍්‍රවණාගාරයේ පැවැති මෙම ජාත්‍යන්තර චෙස් තරගාවලියට දෙස් විදෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400 ක් පමණ සහභාගි වූහ.

තරගාවලියේ විවෘත පිරිමි අංශය වඩාත් තරගකාරී මුහුණුවරක් ගත් අතර එහිදී ඉන්දියාවේ පී. කර්තිකේයන් සහ සී.ආර්.ජී. ක‍්‍රිෂ්ණා තරගාවලිය පුරාම පෙරමුණේ සිටියහ. පී. කර්තිකේයන් මුහුණදුන් තරගවට නවයෙන් ලකුණු 8.5 ක් ලබාගත් අතර ඔහු තමන් සමග තරගයට ආ සෑම ශ්‍රී ලාංකික චෙස් ක‍්‍රීඩකයෙක්ම පරාජයට පත් කළද ඉන්දීය ක‍්‍රීඩක සී.ආර්.ජී. කි‍්‍රෂ්ණ සමග පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

ඒ අනුව තරගවට නවයෙන් ලකුණු 8.5 ක් දිනාගත් පී. කර්තිකේයන් විවෘත ශූරයාවූ අතර තරගවට නවයෙන් ලකුණු 8 ක් ලබාගෙන ඉන්දියාවේ සී.ආර්.ජී. ක‍්‍රිෂ්ණා අනුශූරයා බවට පත්විය. තරග වට 9 කින් ලකුණු 7.5 ක්  ලබාගත් ජාතික චෙස් ශූරයාවූ ඉසුරු අලහකෝන්ට එහි තෙවැනි ස්ථානය හිමිවිය.

විවෘත කාන්තා තරගයේ දී තරගවට නවයෙන් ලකුණු 7 බැගින් ලබාගත් සචිනි රණසිංහ හා වයුනි සමරසිංහ සම ලකුණු ලබා සම ශූරියන් වූ අතර අවසාන ගණනය අනුව සචිනි රණසිංහට එහි ශූරතාවයක්, වයුනි සමරසිංහට අනු ශූරතාවයත් ප‍්‍රදානය කෙරිණ. තරගවට නවයෙන් ලකුණු 6.5 ක් ලබා ගත් බී.ජී.ඞී. උමේෂාට එහි තෙවැනි ස්ථානය හිමිවිය.


තරගාවලියේ නිල ප‍්‍රතිඵල

විවෘත පිරිමි අංශය
1. පී. කර්නිකේයන් (ඉන්දියාව)
2. සී.ආර්.ජී. ක‍්‍රිෂ්ණා (ඉන්දියාව)
3. ඉසුරු අලහකෝන්

ශ්‍රේණිගත ලකුණු (1800-1999) ත් අතර තරගය:
1. ඔෂින් ද සිල්වා
2. රෂින් ද සිල්වා
3. අකිල විරාජ්

ශ්‍රේණිගත ලකුණු (1600-1799) අතර තරගය
1. ඩබ්ලිව්. මිනුර සඳමින්
2. එදිරිවීර ශචි්ින්
3. එස්. ලක්ෂිත

ශ්‍රේණිගත ලකුණු (1000-1599) අතර තරගය
1. ක‍්‍රිෂාන් සංජීව,
2. යසිරු මිහිරංග,
3. එල්.පී.පී. ආර්. ජානක

ශ්‍රේණිගත ලකුණු නොලැබූවන් අතර තරගය
1. ඩබ්ලිව්.පී.දර්ශා
2. චන්දිමා අනුරාධා
3. ජී.එම්. ටී. ලක්‍ෂාන්

වයස 15 න් පහළ පිරිමි තරගය
1. ඩබ්ලිව්. සනුර රන්මින්
2. ඞී.එම්.ජී.එස්. දසනායක
3. චානක ලොරෙන්දුහේවා

වයස 12 න් පහළ පිරිමි තරගය
1. එම්. සසින් නිපුන් පියුමන්ත
2. සාරනාත් නානායක්කාර
3. සානුක රාජපක්ෂ

වයස 10න් පහළ පිරිමි තරගය:
1. ජේ. ගීර්තානන්
2. එම්. නිසල් මංජින් පියුමන්ත
3. එස්.ජී. නිලොන්ෂන්

වයස 8න් පහළ පිරිමි තරගය
1. මහේෂ් ආරච්චි
2. තිසුම් අක්සර
3. ඉසුසර ජනිත

වයස 6 න් පහළ පිරිමි තරගය:
1. නිමනාල් සත්සිලූ
2. සනුක මින්නරු
3.නිමුතු ප‍්‍රනාන්දු

වයස 15 න් පහළ කාන්තා තරගය:
1. ඉෂිනි වික‍්‍රමසිංහ
2. ජේ. අබේසිංහ
3. තෂිනි ඉනෝල්

වයස 12 න් පහළ කාන්තා තරගය:
1. සසුනි ගිහංසා ජයවීර
2. සසිකා ගොයුම්
3. සිිළුනි කාන්තරත්න

වයස 10 න් පහළ කාන්තා තරගය:
1. සචින්ත කොඩිකාර
2. එල්.ජී.දුලින්
3. නෙත්මි දිලන්යා

වයස 8 න් පහළ කාන්තා තරගය:
1. ඊ.පී. මෙස්නෙලා
2. නුවන්ති ගමගේ
3. අපර්නා පේ‍්‍රමතිලක

වයස 6න් පහළ කාන්තා තරගය:
1. සචින්දි දොළමුල්ල
2. නිසින්දි ගමගේ
3. උමන්දි පීරිස්

 


අදහස් (0)

සචිනි විවෘත චෙස් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.