Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන්නා වන සචිත්‍ර සේනානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබේ. සේනානායක, තරග පාවාදීමේ චෝදනා මත, පසුගිය සැප්තැම්බර් 6 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි. රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැර තිබේ. එහෙත් මීට පෙර අධිකරණය විසින් ඔහුට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවමත් ක්‍රියාත්මක වේ.
සචිත්‍ර සේනානායක නැවතත් 2023 දෙසැම්බර් 12 දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය.
2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී තරඟ පාවාදීමට ක්‍රීඩකයින් පොළඹවා ගැනීමට සචිත්‍ර සේනානායක උත්සාහ කළ බවට චෝදනා එල්ල වේ. ඔහු එම තරඟාවලියේ ක්‍රීඩකයෙකු නොවූවත්, ඒ වන විට විදේශගතව සිටිමින් ඒ සඳහා උත්සාහ කර ඇති බවට සචිත්‍රට චෝදනා එල්ල වෙයි. පසුව එම තොරතුරු තරගාවලියේ දූෂණ මර්දන නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇත.
2019 වසරේ හඳුන්වා දුන් ක්‍රීඩාවලට අදාළ වැරදි වැලැක්වීමේ පනත යටතේ සචිත්‍ර අත්අඩංගුවට ගෙන ඇත.
එම නීතිය යටතේ, ඕනෑම පුද්ගලයකු, කිසියම් තරගයක ප්‍රතිඵලයට, එහි ගලායාමට හෝ ව්‍යාප්තියට බලපෑම් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඔහු හෝ ඇය, ක්‍රීඩාව දූෂණය කිරීමේ වරදක් කරයි. මෙම පනත යටතේ පළමුවෙන්ම අත්අඩංගුවට ගන්නා ලද්දේ සචිත්‍ර සේනානායකය.
සේනානායක ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සිටි ප්‍රබලතම පන්දු යවන්නෙකි. ඔහු 2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වූ අතර 2013 දී ඩොලර් 625,000 ක මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. එහෙත් 2014 දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස් කිරීමෙන් පසුව සචිත්‍රගේ පන්දු යැවීමේ සාර්ථකත්වය පහත වැටිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.