Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සත් සාමාජික ශූරතාව සාන්ත තෝමස්ට

සත් සාමාජික ශූරතාව සාන්ත තෝමස්ට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව සංවිධානය කළ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ අද (02) සමත් වූහ. ඉසිපතන විදුහල අනු ශූරතාව හිමිකර ගත්තේය.

කොළඹ පැරණි තුරඟ පිටියේදී දෙදිනක් පැවැති මෙම තරගාවලියේ අවසන් තරග ඊයේ පස්වරුවේ පැවැත්විණි.
සාන්ත තෝමස් විදුහල පිට පිටම දෙවැනි වසරටත් වයස 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීම මෙහිදී කැපී පෙනේ. සාන්ත තෝමස් විදුහල් පිලේ නායක නවීන් හේනකන්කානම්ගේ තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.  

සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයේදී ලකුණු 19-14 කින් ඉසිපතන විදුහල පරාජය කිරීමට සමත් වූහ. සාන්ත තෝමස් විදුහල් පිලේ නායක නවීන් හේනකන්කානම්ගේ මීටර 50 ක් පමණ දිවයමින් දකුණු පස ගෝල කණු අතරින් පන්දුව තැබීමත් සමඟ ලකුණු පුවරුව 19-7 ක් බවට පත්වෙමින් ඉසිපතන විදුහල වෙතින් තරගය ඈත්විය.

ඉසිපතන විදුහලේ සුදීර ගයනාත් අවසන් මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට, හරිත් බණ්ඩාර අතිරේක ලකුණු එකතු කිරීමෙන් අවසන් ලකුණු තත්ත්වය 19-14 ක් බවට පත්විය.

සාන්ත තෝමස් විදුහල් පිල තරගය ආරම්භයේ සිට වේගවත් ක්‍රීඩා රටාවකට යොමු වෙමින් ලකුණු 14-7 ක් ලෙස පළමු අර්ධය අවසන් කළේය.

තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේදී ඩියෝන් ඩයස් උත්සාහක දිනුමක් සම්පූර්ණ කර, එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරමින් ලකුණු 7-0 ක් ලෙස සාන්ත තෝමස් විදුහල පෙරමුණට ගත්තේය.

මයෝන් ජයවර්ධන සිවුවැනි මිනිත්තුවේදී වම් පස කොඩි කණුව අසළින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ඩියෝන් ඩයස් අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සාන්ත තෝමස් විදුහල 14-0 කින් තව දුරටත් ඉදිරියට පැමිණියේය.  

ඉසිපතන විදුහලේ නදීෂ චාමින්ද 5 වැනි මිනිත්තුවේදී සාර්ථක කළ උත්සාහක දිනුම, හරිත් බණ්ඩාර ගෝලයක් ප්‍රවර්ථනය කිරීමෙන් ලකුනු පුවරුව 14-7 ක් බවට පත්විය.  


අවසන් තරග ප්‍රතිඵල

● කුසලාන ශූරතාව
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 19-14 කින් ඉසිපතන විදුහල පරාජය කරන ලදී.

● පළඟ ශූරතාව
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 24-10 කින් ගල්කිස්ස විද්‍යා විදයාලය පරාජය කරන ලදී.

● බඳුන ශූරතාව
මරදාන ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 26-14 කින් වෙස්ලි විදුහල පරාජය කරන ලදී.

● පළිහ ශූරතාව
පිළියන්දල මැදි මහ විදුහල විසින් ලකුනු 19-14 කින් මොරටු මහ විදුහල පරාජය කරන ලදී.  

 

අවසන් පූර්ව තරග ප්‍රතිඵල

කුසලාන ශූරතාව
සාන්ත තෝමස් විදුහල විසින් ලකුණු 21-14 කින් මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදී
ඉසිපතන විදුහල විසින් ලකුණු 19-14 කින් මහනුවර කිංස්වුඞ් විදුහල පරාජය කරන ලදී

පළඟ ශූරතාව
ශාන්ත පීතර විදුහල විසින් ලකුනු 19-7 කින් කොළම රාජකීය විදුහල පරාජය කරන ලදී
විද්‍යා විද්‍යාල විසින් ලකුණු 19-10 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදී.

බඳුන ශූරතාව
ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 41-5 කින් විද්‍යාර්ථ විදුහල පරාජය කරන ලදී.
වෙස්ලි විදුහල විසින් ලකුණු 7-0 කින් මරදාන සහිරා විදුහල පරාජය කරන ලදී.

පළිහ ශූරතාව
පිළියන්දල මැදි මහ විදුහල විසින් ලකුණු 12-7 කින් ශාන්ත ඇලෝසියස් විදුහල පරාජය කරන ලදී.
මොරටු මහ විදුහල විසින් ලකුණු 36-7 කින් ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදී.

 

ශූරතාව දිනූ සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා රක්‍ෂණ සමාගමේ වත්මන් සභාපති හේමක අමරසූරිය මහතා අතින් ඉසිපතන විදුහල් පිලේ සුමුදු රන්කොත්ගේ අනු ශූරතා
කුසලාන ලබාගත් අවස්ථාව.

 

ශා. තෝමස් - ඉසිපතන රග්බි තරගයේ උණුසුම් අවස්ථා...

 


අදහස් (0)

සත් සාමාජික ශූරතාව සාන්ත තෝමස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.