Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සනත්ට ප්‍රධාන පුහුණුකරු තනතුර

සනත්ට ප්‍රධාන පුහුණුකරු තනතුර

editorial - 2024 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ලේ සිට....) 

තාවකාළික පදනමක් මත, මාස තුනක කාලයක් තිස්සේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තතතුර දැරූ සනත් ජයසූරිය මහතාට ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසරක කොන්ත්‍රාත්තුවක් පිරිනමා තිබේ. සනත් ජයසූරිය මහතා ඒ සඳහා එකඟ වී ඇතත් අදාළ කොන්ත්‍රාත් ගිවිසුමට තවමත් අත්සන් තබා නැති බවත් දැනගන්නට ඇත.

ප්‍රධාන පුහුණුකරුවා වීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කරමින් සිටිති.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ සේවය 2024 ජූනි මාසයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව  දීර්ඝ නොකරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දීය සංචාරයට පොරතුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාළික පුහුණුකරුවා වශයෙන් සනත් ජයසූරිය මහතා පත්කරන ලදි.

ඉන්දීය පිල හමුවේ පැවැති විස්සයි-20 තරගාවලිය පරාජය වූ නමුත් එතැන් සිට ඉතාාමත් සාර්ථක ගමනක් ගිය ශ්‍රී  ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජයගත්තේය. එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියත් 2-0 ක් ලෙසින් ජයගත්තේය. 
නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ වසර 15 කට පසුවය. 

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්වීම බාරගැනීමත් සමගින් සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙසින් පසුගිය දෙසැම්බර් මාසයේදී කළ පත්වීම අහෝසි වී යනු ඇත. 2023 නොවැම්බර් මාසයේදී පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී  ශ්‍රී ලංකා කණ්ඩායම ලද අන්ත පරාජයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙසින් 2023 දෙසැම්බර් 14 වැනිදා සිට සනත් ජයසූරිය මහතා පත්කරන ලදි. 

 


අදහස් (0)

සනත්ට ප්‍රධාන පුහුණුකරු තනතුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.